ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    “තිරසර සංවර්ධන කටයුතු පුළුල් කිරීම "අපේ ගමේදී" ඇරඹේ

    මාර්තු 16, 2016
    ලෝක ප්‍රඥ්ඥප්තීන් ක්‍රියාත්මක කිරීමට සහ තිරසර සංවර්ධන කටයුතු දිවයින තුළ පුළුල් කිරීමට ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥයින් සම්බන්ධ කර ගනිමින් තිරසර සංවර්ධන අමාත්‍යංශයේ කටයුතු ආරම්භ කිරීම අද “අපේ ගම” පරිශ්‍රය තුළ සිදු කිරීමට සියළු කටයුතු සූදානම් කොට ඇති බව අමාත්‍යංශය පවසයි. 
    මෙහි මුලසුන තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් දරනු ලබන අතර, තිරසර සංවර්ධන වැඩ පිළිවෙළහි අමාත්‍යංශ උපදේශක වරයෙකු වශයෙන් සහ මෙම ව්‍යාපෘතියෙහි ඉදිරි වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන විශේෂඥයෙකු වශයෙන් උචිත ද සොයිසා මහතා පත් කොට ඇත.
     
    තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය ලෙස විෂය පථ දෙකක් ඒකාබද්ධ කරමින් නව ආණ්ඩුව විසින් වෙනමම අමාත්‍යංශයක් පරිසරය හා සතා සිව්පාවා ආරක්ෂා කිරීමට ස්ථාපනය කරන ලදි. මෙම අමාත්‍යංශය ඔස්සේ වනජීවී, සත්වෝද්‍යාන මෙන්ම උද්භිද උද්‍යාන යන දෙපාර්තමේන්තු තුනෙහිම පරිපාලන කටයුතු සිදු කෙරේ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya