ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මානසික රෝගීන් පිළිබඳ මානුෂිකව බලන්න Featured

    මාර්තු 20, 2016

    රෝග දර්ශකවලින් නොබලා මානසික රෝගීන් පිළිබඳ ධනාත්මක ආකල්පයෙන් බලන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

    ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මුල්ලේරියාව අතරමැදි නිවස්නයේ පසුගියදා පැවති ලෝක කාන්තා දින සැමරුම් උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේය.

    ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මුල්ලේරියාව අතරමැදි නිවස්නයේ කාන්තා මානසික රෝගීන් 440ක් ප‍්‍රතිකාර ලබයි. මෙම රෝහල් සංකීර්ණය ආරම්භ කිරීමේ දී කාන්තා මානසික රෝගීන් 1500ක් ප‍්‍රතිකාර ලබා ඇත. ප‍්‍රතිකාර ලබා සුව වූ මානසික රෝගීන්ගෙන් වැඩිහිටියන්, වැඩිහිටි නිවාසවලට යොමු කර ඇත. සමාජ ගත කළ හැකි සුව වූ රෝගීන්ට රැකියා අවස්ථා ද ලබාදී ඇත.

    මෙම කාන්තා දින උත්සවයේ දී කාන්තා මානසික රෝගීන්ගේ විවිධ ප‍්‍රසංගයක් සහ අත්කම් භාණ්ඩ ප‍්‍රදර්ශණයක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නීරික්ෂණයෙන් පැවැත්විනි.

    මානසික රෝගීන්ට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සහනයත් ලැබෙන අතර ලංකාවේ තවදුරටත් පවතින්නේ මාතෘ මූලික සමාජයක් බවත්  මවට සළකන ලෙස කාන්තා මානසික රෝගීන්ට ද සැළකිය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා  පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික, කායික, අධ්‍යාපනික වශයෙන් වූ හොඳ තත්ත්වය යහපත් සෞඛ්‍ය ලෙස හඳුන්වා දී තිබේ.

    මිලියන 20ක් පමණ වූ ශ‍්‍රී ලාංකිකයින්ගෙන් සියයට 27 ක් ප‍්‍රජනක වයසේ පසු වන අතර  සෑම වසරකම කාන්තාවන් ලක්ෂ 04 ක් ගර්භනීභාවයට පත්වෙයි. එම ගර්භනී මාතාවන්ගෙන් වසරකට උපදින ගැහැණු දරුවන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 80,000 ක් වෙති. ගර්භනී මාතාවන්ගෙන් 140 ක් සෑම වර්ෂයකම දරු ප‍්‍රසුතියේ දී මියයන අතර, ගබ්සා කිරීම් හේතුවෙන් මියයන කාන්තාවන්ගේ සංඛ්‍යාව 10 ක් පමණ වේ.

    සෑම වසරකම අඩු වයස් ගර්භනී මවිවරුන් 24,000 ක් හමු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 15-24 අතර වූ යෞවනයන්ගෙන් සියයට 06 ක් සියදිවි හානිකර ගැනීමේ අදහස් පහළ වී ඇති බව සොයාගෙන ඇත.

    කාන්තාවන්ගේ දුප්පත්කම, මන්දපෝෂණය, ගෘහස්ත ගැටලු සහ හිංසනය, අධික වෙහෙස, ශරීර වෙනස්කම් හේතුවෙන් කාන්තාවන් දැඩි ලෙස මානසික පීඩනයට ලක්ව ඇති බව එහිදී අනාවරණය වී ඇත. ශ‍්‍රී ලංකාවේ වසරකට ගබේසා කිරීම් 15,000 ක් පමණ සිදු වෙයි. විවිධ හේතු මත ගර්භනී මව්වරුන් අතර සියදිවි හානිකර ගැනීම ද වැඩිවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත අනාවරණය කරයි. 2013 වර්ෂයේ දී ගර්භනී මව්වරුන් 50 ක් සියදිවි හානිකරගෙන ඇත.

    මානසික සෞඛ්‍ය පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මකයි. ඒ සඳහා දිවයිනේ රෝහල් 22 ක  “මිතුරු පියස” නමින් සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. එමගින් හිංසනයට ලක් වූ කාන්තාවන්ට අවශ්‍ය සේවාවන් ලබාගත හැක.

    මෙම අවස්ථාවට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික‍්‍රමරත්න මහතා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya