ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තිරිඟු ආනයන බදු සහනය අඩු කළේ දේශීය වී ගොවියා රැක ගැනීමට

    මාර්තු 23, 2016

    තිරිඟු ආනයනයේ දී ලබා දී තිබූ බදු සහනය අඩු කිරීමට තීරණය කළේ දේශීය වී ගොවියා ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත් අදහස වන්නේ වර්තමානයේ රට තුළ සහල් අතිරික්තයක් රට තුළ පවතින් බැවින්, තිරිඟු පිටි පරිභෝජනය අවම කර, ඒ වෙනුවට සහල් පරිභෝජනයට වැඩි ඉඩකඩ සැලැස්වීම වඩා සුදුසු වන බවයි.

    එමෙන් ම ජාත්‍යන්තර වෙළෙඳපොළේ තිරිඟු මිල පහළ ගොස් ඇති බැවින් සහ රටේ පවතින් සහල් අතිරික්තය පදනම් කර ගනිමින් තිරිඟු ආනයනයේ දී ලබා දී තිබූ බදු සහනය අඩු කළ බව මෝදර ධවලසිංහාරාමයේ සහ ග්‍රෑන්ඩ්පාස් හි ශ්‍රී ශාක්‍ය සිංහාරාමයේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවන්ට එක් වෙමින් රවී කරුණානායක මහතා ඊයේ (22) මේ බව කියා සිටියේ ය.

    “රටේ තියෙනවා සහල් අතිරික්තයක්. අපේ නිෂ්පාදන වියදම අධික නිසා ඒවා අපනයනය කරන්න බැහැ. ඒ නිසා ඊට විසඳුමක් ලෙස කෘෂිකර්ම බලධාරීන් වගේ ම ගොවීන් ඉල්ලීමක් කරල තිබුණ සහල් පරිභෝජනය වැඩි කරන්න කියල. ඒ අනුව තමයි තිරිගුවලට ලබා දී තිබූ බදු සහනය යම් මට්ටමකින් ඉවත් කළේ.
    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වගේ ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අදහස වුණේ මේ අවස්ථාවේ සහල් අතිරික්තය අවම කිරීම සඳහා පරිභෝජනය වැඩි කිරීමට තියෙන සුදුසුම ක්‍රමය තිරිඟු පිටි භාවිතය අවම කරල ඒ වෙනුවට සහල් පරිභෝජනයට අවස්ථාව ලබා දීම කියලයි. වී නිෂ්පාදන වියදම අධික මට්ටමක තියෙනව කියල අපට ගොවීන් අධෛර්යට පත් කරන්න බැහැ.
    මේක තාවකාලිකව ගත් ක්‍රියා මාර්ගයක්. මෙහි ඵලදායීතාව තවත් වැඩි කරල, වී නිෂ්පාදන වියදම අඩු කරල අපනයන වැඩි කරගන්න හැකි වන තුරු අපි ගොවීන් අපහසුතාවට පත් කරන්නෙ නෑ..” යැයි ද මුදල් අමාත්‍යවරයා පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya