ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අධික උණුසුම් හේතුවෙන් පාසල් ක‍්‍රීඩා තරග කල් යයි Featured

    මාර්තු 24, 2016

    මේ දිනවල පවතින අධික උණුසුම් සහිත කාලගුණ තත්වයන් හේතුවෙන් කලාප පාසල් ක‍්‍රීඩා තරඟ මැයි මාසයේ මුල දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


    පාසල් දරුවන් දවසේ වැඩි වේලාවක් අධික හිරු රශ්මියට නිරාවරණය වීම ඔවුන්ගේ සෞඛ්‍යයට අහිතකර  විය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් පවසා තිබීම මීට ප‍්‍රධාන හේතුවයි.
     
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ දිනවල බාහිර පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ යා හැකි බවයි.

    මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය කළේ මාර්තු මස අග පැවැත්වීමට නියමිතව තිබූ සමස්ත ලංකා පාසල් ක‍්‍රිඩා තරගාවලියේ කලාප මට්ටමේ තරග මැයි මස මුල් සතිය තෙක් කල් දැමීමට කටයුතු කරන බවයි.

     

    එමෙන් ම පාසල් දරුවන් අධික හිරු රශ්මියට නිරාවරණය වන ක‍්‍රියාකාරකම්වලට යොමු කිරීමෙන් හැකිතාක් දුරට වළකින ලෙස ද අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya