ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බාධාවකින් තොරව විදුලිය සැපයීමට රජය පියවර ගනී Featured

    මාර්තු 31, 2016

    මෑතකදී සිදු වූ විදුලිය බිඳවැටීම් පිළිබඳව සහ ඉදිරියේදී බාධාවකින් තොරව විදුලිය ලබා දීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රධාන තීරණ 2කට එළැඹුණු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් පත් කරන ලද කමිටුවල වාර්තා නිදේශයන් ක්‍රියාත්මක කිරීම සිදු වේ.

     

    රටපුරා එකවර විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර අගමැතිවරයා විසින් සී.මාලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.

     

    එසේම ඉදිරි දිනවල ප්‍රමාණවත් පරිදි වර්ෂාව නොලැබුණහොත් පැනනැගිය හැකි විදුලිය උත්පාදන සීමාවන්ට මුහුණ දීමට හැකිවන පරිදි අත්‍යවශ්‍ය වන විදුලිබල ප්‍රමාණය පමණක් පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද තීරණය කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    මේ අනුව මෙම කමිටු දෙකෙහි නිර්දේශයන් කෙටි හා දිගු කාලීන වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත් සමහර කරුණු සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන තිබෙන බවත් විදුලබල හා පුනර්ජනනිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

     

    මේ වන විට වර්ෂාව ද ලැබෙමින් පවතින අතර අප්‍රේල් 15 වැනි දා මහවැලි  කලාපයට ජලය මුදා හැරීමෙන් පසු තවත් මෙගාවොට් 350ක්  ජාතික විදුලිබල පද්ධතියට එක්වීම වාසිදායක වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya