ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඇඹිලිපිටිය ශී‍්‍ර බෝධිරාජ ධර්මායතනයේ ශී‍්‍ර සර්වඥ ධාතු මන්දිරය විවෘත වෙයි

    ජූනි 20, 2016

    ඇඹිලිපිටිය ශී‍්‍ර බෝධිරාජ ධර්මායතනයේ අභිනවයෙන් ඉදිකරන ලද ශී‍්‍ර සර්වඥ ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

    ගව ඝාතනයට සහ ගව මස් ආහාරයට ගැනීමට එරෙහිව දිගු කලක පටන් ලාංකීය සමාජයේ පවතින හඩට නව ජවයක් එක් කරමින් ගවයින් නිදහස් කොට මුදා හැරීම සඳහා මහවැලි අධිකාරියට අයත් අක්කර 100 ක භූමි ප‍්‍රමාණයක් නිදහස් කිරීම ද මෙම පිංකම් මාලාවට ඇතුළත් විය.

    එම ඉඩම් හිමිකම ශී‍්‍ර බෝධිරාජ පදනම වෙත පවරාදීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ඒ පිළිබඳ අදහස් දැක්වු ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ බෞද්ධ හා හින්දු දර්ශන තුළ අවිහිංසාවාදය උතුම් ප‍්‍රතිපත්තියක් කොට සලකන බැවින් මෙම කටයුත්ත ජාතික මෙන්ම ජාත්‍යන්තර වටිනාකමින් සමන්විත වනු ඇති බවය.

    මහවැලි බල ප‍්‍රදේශවල ඉඩම්වලට බදු අය කිරීමේදී යම් වෙනසක් සිදුව ඇති බවත්, ඒ පිළිබඳ සහනයක් ලබාදෙන ලෙසත් ශී‍්‍ර බෝධිරාජ ධර්මායතනයේ විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ කරන ලද ඉල්ලීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ කඩිනමින් සෙයා බලා සහන සළසන බවට පොරොන්දු විය.

    ඇඹිලිපිටිය රෝහලේ අඩු පාඩු ද කඩිනමින් සම්පූර්ණ කර රෝහල සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ශී‍්‍ර බෝධිරාජ පදනම මුල් කර ගනිමින් කි‍්‍රයාත්මක වන දියර කිරි භාවිතය ප‍්‍රචලිත කිරිමේ වැඩසටහන මෙන්ම කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්වූ අතර කාබනික පොහොර නිෂ්පාදනයේ ප‍්‍රථම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදු විය.

    ජනාධිපතිතුමා විසින් සර්වඥ ධාතුන් වහන්සේ රැගත් කරඩුව පෙරහැරෙන් වැඩම කරවීමෙන් අනතුරුව අභිනව ධාතු මන්දිරයේ තැන්පත් කිරීම සිදු විය.

    ජනාධිපතිතුමා ඊට ප‍්‍රථම පූජෝපහාරය දැක්වීමෙන් අනතුරුව සැදැහැවත් ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා ධාතු මන්දිරය විවෘත කෙරිණි.

    ඇඹිලිපිටිය වෘතාන්තය ග‍්‍රන්ථය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

     

    ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේ‍්‍රමසිරි නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන පාඨලි චම්පික රණවක, තලතා අතුකෝරළ, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද, සිංගප්පූරුව, කාම්භෝජය, චීනය සහ වියට්නාමය රටවල් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ද පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya