පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් සංවර්ධන ව්‍යාපෘති නිසා පීඩාවට පත් ජනතාවට ලබාදෙන සහන වැඩි කිරීමට පියවර ගන්නේ ද? යැයි විමසා සිටි පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
මාර්ග ඉදිකිරීමේ දී සිදුව තිබෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පරීක්ෂණ සඳහා භාරදී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ, ඉඩම් මැණීමේ කටයුතු,පවරා ගැනීමේ මූලික කටයුතු සිදු කරන බවත් ය.