ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විද්‍යුත් ජාතික හැදුනුම්පත නිසා ඇතැමුන් කරන දූෂිත වැඩපිළිවෙල නවතා ගැනීමට හැකියි

    ජූනි 21, 2016

    විද්‍යුත් ජාතික හැදුනුම්පත නිසා ඇතැමුන් කරන දූෂිත වැඩපිළිවෙල නවතා ගැනීමට හැකිවන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.


    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

     

    විද්‍යුත් හැදුනුම්පත නිසා අපේ නාස්තිවන මුදල්, අපතේ යන මුදල්, වංචා දූෂණය කරන මුදල්, නවත්වන්න පුළුවන්. සමෘද්ධි සහනාධාර දෙකක් ගන්න බෑ. පාස්පෝට් දෙකක් ගන්න හැකියාවක් නෑ. දූෂිත ලෙස සමහරු කරන වැඩපිළිවෙල නවත්වන්නට හැකිවෙනවා.

     

    දත්ත ගබඩාව කවුද ගෙනියන්නේ? කවුද එකතු කරන්නේ? එය පාර්ලිමේන්තුවෙන් බලය ලබා දී තිබෙන අමාත්‍යාංශය හරහා සිදුවිය යුතුයි. රටේ ඉදිරි වැඩපිළිවෙලට සහාය දෙන්න පුළුවන්, කාර්යක්ෂමව සහ අඩු පිරිවැයට, ජනතාව සහ රජය අතර ගණුදෙනුව කරගෙනයාම පනත් කෙටුම්පත සංශෝධනය මඟින් හැකි වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya