ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික නිවාස දින කොඩිය ජනපතිට

    ජූනි 22, 2016

    ජාතික නිවාස දිනය වෙනුවෙන් ප‍්‍රකාශයට පත් කර ඇති කොඩි සතිය ආරම්භ කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත එම කොඩිය පැළඳවීම ඊයේ (21)  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ජාතික නිවාස ‍දිනය හෙටට (23) යෙදී ඇති අතර නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යතුමා වෙත කොඩි පැළඳවීය.

     

    දිවංගත හිටපු ජනාධිපති, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිර්මාතෘ රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ ජන්ම දිනය යෙදී ඇති ජූනි 23 වනදා දිනය ජාතික නිවාස දිනය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

     

    ඊයේ සිට සතියක් පුරා කි‍්‍රයාත්මක වන ජාතික නිවාස සතියේදී නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කර තිබේ.

     

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේ මෙම කොඩි අලෙවියෙන් ලැබෙන ආදායම නිවාස නොමැති දුප්පත් ජනතාවට නිවාස ඉදිකරදීමේ වැඩසටහන් සඳහා යොදවන බවයි.

     

    එමෙන්ම වකුගඩු රෝගයට ගොදුරු වූ නිවාස නොමැති පවුල් සඳහා නිවාස ඉදිකරදීම මෙවර ජාතික නිවාස දින වැඩසටහන යටතේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya