ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    ජූනි 22, 2016

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම,පරිපාලනය කිරීම, සහ කර්තව්‍ය ඉටු කිරීම සඳහා විධිවිධාන සැළැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතක් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    අග්‍රාමාත්‍ය සහ ජතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් පනත් කෙටුම්පත සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  මහතා විසින් සභාවට ඉදිරිපත් කළේ ය.

     

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම ),තුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා ද, අතුරුදහන් වූ තැනැත්තන් සෙවීම සහ ඔවුන් පිළිබඳව සොයා බැලීම සඳහා ද, අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඝාතීන්ට සහාය වීම සඳහාද, අතුරුදහන් වූ තනැත්තන් පිළිබඳව දත්ත සමුදායක් ස්ථාපනය කිරීම සඳහාද, ඉහත කී කාර්යාලයට පවරනු ලබන බලතල හා කර්තව්‍යවලට අදාළ කාර්යපටිපාටි සහ මාර්ගෝපදේශ සකස් කිරීම සඳාද, මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ නැතහොත් ඊට අනුෂාංගික සියලු කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya