ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කෙරෙහි වැරදි තත්ත්වයක් සමාජ ගත කිරීම කිසිසේත් සුදුසු නෑ- මුදල් අමාත්‍ය

    ජූනි 22, 2016

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කෙරෙහි වැරදි තත්ත්වයක් සමාජ ගත කිරීම කිසිසේත් සුදුසු නොවන බවත්  ඉදිරියේ දී විගණකාධිපතිවරයා සමඟ තමන් සාකච්ඡා කිරීමට කැමැති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    මුදල් අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය ණය ලබාගැනීම සම්බන්ධයෙන්  මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්ෂික වාර්තාවෙන් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ ණය මුදලට වඩා ණය ලබාගෙන ඇති බවට සඳහන් කරමින් මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

     


    රාජ්‍ය මූල්‍ය පිළිබඳව අවසාන වගකිම පාර්ලිමේන්තුව සතුයි. මේ පිළිබඳව සභාවේ අවධානයට යොමුකර පැහැදිළි කිරීම මගේ වගකීමක්.අදාළ නීති ප්‍රකර ණය ලබාගත හැකි උපරිම සීමාව  වූ රුපියල් බිලියන 1780 හි වෙනසක් සිදු කර නෑ. ඒ අනුඅව එම සීමාව ඇතුළත ණය ලබාගැනීමට මහා භාණ්ඩාගාරය විසින් ක්‍රියා කර තිබෙනවා.

     

    විසර්ජන පනත මඟින් ආණ්ඩුවට ලබාගත හැකි උපරිම ණය සීමාව තීරණය කිරීම විද්‍යානුකූලව සිදු කර ඇති අතර  වර්ෂයකදී රජය ලබාගත යුතු උපරිම ණය ප්‍රමාණය සීමා කිරීම සහ ණය තොගය පාලනය කිරීම සිදු කරනවා.

     

    ජාත්‍යන්තර මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මෙතෙක් අනුගමනය නොකළ ක්‍රියාමාර්ගයන් විගණකාධිපතිවරයාගේ මතය ලෙස ප්‍රකාශ කිරීම තුළින් අන්තර්ජාතික මූල්‍ය වෙළඳපළෙහි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකාවේ ස්ථානය පහත යාමට හේතු වෙනවා.

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කෙරෙහි වැරදි තත්ත්වයක් සමාජ ගත කිරීම කිසිසේත් සුදුසු නොවෙයි.මෙවැනි ප්‍රකාශ හේතුවෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අධෛර්යයට පත්වීමට හේතු වෙනවා. මේ පිළිබඳව මා බලවත් කණගාටුවට පත් වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya