ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පානම ප්‍ර‍දේශ‍යේ ඉඩම් අහිමි වූ පවුල්වලට නිවාස සහිත ඉඩම්- අමාත්‍ය ජෝන් අමරතුංග

    ජූනි 22, 2016

    පානම ප්‍ර‍දේශ‍යේ ඉඩම් අහිමි වූ මුල් පදිංච්කරුවන්ට නිවාස සමඟ ඉඩම් ලබාදීමට කටයුතු කරන බවත් ජනතාවට අසාධාරණයක් ‍නොකරන බවත් ඉඩම් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (22) පාර්ලි‍මේන්තු‍වේදී ප්‍රකාශ ක‍ළේය.

    පානම වැසියන්ට ඉඩම් ලබාදීම සම්බන්ධ‍යෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා ස්ථාවර නි‍යෝග 23(2) යට‍තේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ‍දෙමින් අමාත්‍යවරයා ‍මේ බව පැවසීය.

    2010 වස‍රේදී පානම ඇතුලු ගම් කිහිපයක පදිංච්කරුවන් ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පහරදී පන්නාදමා ඇති බව එම වැසියන්ට ආණ්ඩුව ‍පො‍රොන්දු වූ පරිදි ඉඩම් ලබා‍‍දෙන්නේද යන්න මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා ප්‍රශ්න ක‍ළේය.  

     පවුල් 350කට නිවාස සහිත ඉඩම් ලබාදීමට කටයුතු කරනවා. එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කාර්යාල මට්ටමින් සිදු වෙනවා. ඉඩම් අහිමි වූ මුල්පදිංචිකරුවන්ට මිසක් රටෙන් ගෙනල්ලා පදිංචි කරන්නේ නෑ. ජනතාවට අසාධාරණයක් වෙන්නේ නෑ. ඉඩම් හෝටල්වලට දෙන සැලැස්මක් නැ යැයි ද පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya