ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ළමා ශ්‍රමය සූරා කන පුද්ලයින්ගේ ඉහළට දඩුවම ඔවුන් සමාජයට හෙළි කිරීමයි- ජනපති

    ජූනි 22, 2016

    ළමා ශ‍්‍රමය සූරා කමින් ළමා හිංසනයේ නිරතවන පුද්ගලයින්ට ලබාදිය හැකි ඉහළම දඬුවම ඔවුන් පිළිබඳ සමාජයට හෙළිදරව් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ඒ සඳහා මාධ්‍ය ආයතන වෙත ඉහළ වගකීමක් පැවරී තිබෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ලෝක ළමා ශ‍්‍රම විරෝධි දිනයට සමගාමීව අද (22) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ලෝක ළමා ශ‍්‍රම විරෝධි දින ජාතික වැඩසටහනට එක් වෙමිනි.

     

    එක්සත් ජාතින්ගේ ප‍්‍රඥප්තීන්ට අනුව කටයුතු කරන රාජ්‍යයක් ලෙස දරුවන් ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම වෙනුවෙන් රජය ඉහළ වගකීමකින් කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    එමෙන්ම ළමා හිංසනය වැළැක්වීම සඳහා අන්තර්ජාතික බැඳීම්වලට අනුගතව කටයුතු කරන බවද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා දරුවන්ගේ ශ‍්‍රමය සුරාකෑමට ලක්වීමේ පොදු සාධකයක් වන දිළිදු බව තුරන් කර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ද රජය කැපවී සිටින බව අවධාරණය කළේය.

     

    ළමා අපචාරවලින් සහ ළමා හිංසනයෙන් අපේ දරුවන් බේරා ගැනිමට නීති රිති සම්පාදනය කිරීම මෙන්ම පවතින නීති නිසියාකාරව කි‍්‍රයාත්මක කිරීම අවශ්‍ය වුවද, නීතියෙන් පමණක්ම එය සිදු කළ නොහැකි බව පැවසූ ජනාධිපතිතුමා සමාජයේ වගකිවයුතු සියලුදෙනා ඒ පිළිබඳ අවබෝධයකින් කටයුතු කළයුතු බව ද ප‍්‍රකාශ කළේය.

     

    ලෝක ළමා ශ‍්‍රම විරෝධි දිනය ජූනි 12 වෙනිදාට යෙදී තිබේ. 2016 ලෝක ළමා ශ‍්‍රම විරෝධි දිනයේ ගෝලීය තේමාව වන්නේ ,නිෂ්පාදන දාමයේ වෙනසක් තුළින් ළමා ශ‍්‍රමය තුරන් කිරීම, යන්නයි.

     

    මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය පැමිණිලි පිළිබඳ පරීක්ෂා කිරීම, සමාජය දැනුවත් කිරීම හා ළමා ශ‍්‍රම අවධානම වැළැක්වීම යන ක්ෂේත‍්‍ර තුන ඔස්සේ විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කර තිබේ.

    ශී‍්‍ර ලංකාවෙන් ළමා ශ‍්‍රමය තුරන් කිරීමේ ප‍්‍රතිඥාවට අත්සන් තැබීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශී‍්‍ර ලංකාව හා මාලදිවයින සඳහා වන අධ්‍යක්ෂ ඩොන්ග්ලීන් ලී මහතා විසින් ශී‍්‍ර ලංකාව ළමා ශ‍්‍රමයෙන් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා වූ ප‍්‍රතිඥාව ජනාධිපතිතුමා වෙත ලබා දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් ප‍්‍රතිඥාවට අත්සන් තැබීය.

    ශී‍්‍ර ලංකාව ළමා ශ‍්‍රමයෙන් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා වූ ප‍්‍රතිඥාව කෙටි පණිවුඩ හරහා සමාජගත කිරීම ආරම්භ කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න, අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, චන්ද්‍රානී බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු ද ජනාධිපති ලේකම් පී.බී අබේකොන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු ද, කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ලෝක ළමා ශ‍්‍රම විරෝධි දින ජාතික වැඩසටහනට එක් වෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

       " දරුවන්ගේ ශ‍්‍රමය ලබා ගැනීම පිළිබඳව ඇතිවී තිබෙන තත්වයන් සැලකිල්ලට ගෙන 1989 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද විශේෂ ප‍්‍රඥප්තීන් තුළ 1991 දී පමණ ශ‍්‍රී ලංකාව එම ප‍්‍රඥප්තියට අත්සන් කිරීමෙන් අනතුරුව අන්තර් ජාතික ප‍්‍රඥප්තීන් වලට තිබෙන්නාවූ ප‍්‍රමිතීන්ට අනුව දරුවන්ගේ ආරක්ෂාව සහ දරුවන්ගේ ශ‍්‍රමය ලබා ගැනීමට විරුද්ධව ගෙන යන ජාත්‍යන්තර වැඩපිළිවෙළෙහි ප‍්‍රමුඛ කොටස්කරුවකු ලෙස ශ‍්‍රී ලංකාව අද එම දිනය සමරන අවස්ථාවට සහභාගිවීමට හැකිවීම පිළිබ`දව මා ඉතාමත් සතුටු වෙනවා.

        වසරේ දින තුන්සිය හැට පහ ජාත්‍යන්තර වශයෙන් විවිධ ක්ෂේත‍්‍ර සහ විවිධ විෂයන් පිළිබඳව වෙන්වී තිබෙන බව අපි දන්නවා. ඒ තුළ අද දරුවන්ගේ ශ‍්‍රමය ලබා ගැනීමට විරුද්ධව වෙන්වූ දිනයක් නිසා අපි මේ දිනය සමරනවා. මීට පෙර කතා කළ දරුවන් දෙදෙනාගෙන් ඉදිරිපත්වූ අදහස් තුළ, එක් දරුවෙක් කියා සිටියා ලෝක ළමා දිනය සහ ළමයින්ගේ ශ‍්‍රමය ලබා ගැනීමට විරුද්ධව තිබෙන්නේ අද දිනය පමණ ද? දරුවන් වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ කියා. මේ ආකාරයෙන් යම් දිනයක් වෙන්කරනු ලන්නේ අන්තර්ජාතික වශයෙන් සහ ජාතික වශයෙන් මු`එ මහත් මානව ප‍්‍රජාව තුළ මේ විෂය ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් සහ දැනුමක් ලබා ගැනීම මෙන්ම දැනුවත්වීමෙන් ඇති කරගන්නාවු ප‍්‍රායෝගික ක‍්‍රියාකාරී තත්ත්වයන් සිදු කිරීම තුළ සමස්ත මානව සමාජයට දෙන පණිවුඩයක් ලෙසිනි. අපේ රට එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තීන් සමග එක`ගතාවයෙන් කටයුතු කරන රටක් ලෙස අපේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීම අපි විසින් කළ යුතු වෙනවා.

        ධනවතුන්, බලවතුන්, ඡාවාරම්කරුවන්, අපරාදකරුවන් බොහෝ වේලාවට ත‍්‍රස්තවාදී ව්‍යාපාර දරුවන්ගේ ශ‍්‍රමය ලබා ගැනීමට කටයුතු කරන බව අපි දන්නවා. එවැනි පුද්ගලයින්ට, සංවිධාන වලට දරුවන්ගේ ශ‍්‍රමය ලබා ගැනීමට හැකි වන්නේ ඇයි? අප විසින් ප‍්‍රධාන ලෙස ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. රටක දුප්පත්කම වැඩි වෙන්න වැඩි වෙන්න එම රටවල් වල දරුවන්ගේ ශ‍්‍රමය ලබා ගැනීම නිතැතින්ම සිදු වන ක‍්‍රියාවක් ලෙසයි මා දකින්නේ. ලෝකයේ පුළුල් ආර්ථික සංවර්ධනයක් තිබෙන ධනවත් රටවල් වල දරුවන්ගේ ශ‍්‍රමය ලබා ගැනීම ඉතාමත්ම අවමයි. ආර්ථික ගැටලු පවතින දුගී රටවල් වල දරුවන්ගේ ශ‍්‍රමය ලබා ගැනීම බහුල වශයෙන් සිදු වෙනවා. රටක ආර්ථික සංවර්ධන පුළුල් ලෙස ශක්තිමත් කිරීම දරුවන්ගේ ශ‍්‍රමය ලබා ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයට විසඳුමක් වෙනවා. රටක් දුප්පත් වන්න දුප්පත් වන්න මේ ප‍්‍රශ්නය වැඩි වෙනවා. මීට මාස කිහිපයකට පෙර ලෝකයේ ත‍්‍රස්තවාදී සංවිධානයක් දරුවන් දෙදාස් ගණනක් පැහැරගෙන ගියා. එම දරුවන්ගෙන් කොටසක් ලිංගික වහලූන් බවට පත් කිරීමට ක‍්‍රියා කළා. ඊට අකමැති වූ දරුවන් පු`එස්සා මැරා දැමුවා. එය ඉතාමත් අමානුෂික ආකාරයට සිදු කළා. මෙවැනි තත්වයන් මිනිස් සමාජය තුළ ඇති වන මහා ඛේදවාචකයන්. එම ක‍්‍රියාවන් අපි පිළිකුල් කරනවා. එවැනි තත්ත්වයන් ඇති වීම වැළැක්වීම ස`දහා අන්තර්ජාතික බැදීම් තුළ අපි රටක් විදියට ක‍්‍රියා කළ යුතු බවයි මා විශ්වාස කරන්නේ.

    දරුවන්ගේ ශ‍්‍රමය ලබා ගැනීමේ කාර්යයේදී ඇතැම් වේලාවට දරුවන් පැහැර ගැනීම, දරුවන් විකිණීම, දරුවාගේ දුප්පත්කමින් සහ අසරණකමින් ප‍්‍රයෝජන ගැනීම පසුබිම් වන බව අපි දන්නවා. ඇතැම් වේලාවට ඒ දරුවන්ගේම මව්පියන් මෙවැනි කාර්යයන් ස`දහා දරුවන්ව යොදවනවා. අධ්‍යාත්මික වශයෙන් වැඩි වටිනාකමක් තිබෙන නමුත් වැඩි වටිනාකමක් නොදෙන මානුෂීය වචනයක් ලෙස, දී අනේ පව් කියන වචනය දැක්විය හැකියි. සමාජයේ ඇතැම් මිනිසුන්ගේ මුවෙන් මේ දී අනේ පව් කියන වචනය පිටවෙන්නේ නැහැ. එයට තමාගේ හෘද සාක්ෂිය ඉඩ දෙන්නේ නැහැ. හිත් වල තිබෙන දැඩි බව, අමුනුෂ්‍යකම, අධ්‍යාත්මික වශයෙන් නොදියුණු බව මේ සඳහා බලපානු ලබනවා. ඒ අය බොහෝ වේලාවට දරුවන්ගේ ශ‍්‍රමය ලබා ගැනීම, දරුවන් වහලුන් ලෙස තබා ගැනීමට කටයුතු කරනවා.

        දුප්පත්කම මේ සියලු දේට ප‍්‍රබල සාධකයක් වන්නා සේම සමාජය තුළ කටයුතු කරන සියලූ වගකිව යුත්තන් වන දේශපාලනඥයින්, පූජ්‍ය පක්ෂය, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සෑම දෙනාටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා අපේ දරුවන් බේරා ගැනීමට කටයුතු කිරීම. මේ සඳහා නීති රිතී ශක්තිමත් කිරීම අවශ්‍යයි. නීති රිතී වල අඩුපාඩුකම් තිබෙනවා නම් නව නීති රිතී සකස් කිරීම අවශ්‍යයි. තිබෙන නීති නිසියාකාරව ක‍්‍රියාවට නැංවීම අවශ්‍යයි. මෙවැනි දේවල් නීතිය තුළින් පමණක් සිදු කළ නොහැකි බව අපි දන්නවා. එය සමාජය තුළ ජීවත් වන සැමදෙනාගේම පුළුල් සමාජ වගකීමක් වෙනවා.

        අපි අද දවසේ මෙවැනි විෂය ක්ෂේත‍්‍රයක් තළ සමාජයට, රටට දෙන පණිවුඩයක් වන්නේ මෙවැනි තත්වයන්ට දරුවන් භාවිතා කරන්නේ නම්, ඒ පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වන බවයි. රාජ්‍ය ඇමතිතුමා කත කරන විට කිව්වා ඊයේ ඔබතුමා පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ඇසුවා, මෙවැනි දේවල් සිදුකරනු බලන පුද්ගලයන් සම්බන්ධයෙන් දෙන දඩුවම් කුමක්ද ? කියා. දෙන ලොකුම දඩුවම වන්නේ එවැනි අය සමාජයට හෙළිදරව් කිරීමයි. එය මාධ්‍යයේ වගකීමක්. හිරේ යවනවාට වඩා කස පහරක් දෙනවාට වඩා මෙවැනි වැරදි කරන පුද්ගලයන්ව සමාජයට පෙන්විය යුතුයි. සමාජයට ප‍්‍රදර්ශනය කළ යුතුයි. සමාජයේ ජීවත් වන අනෙක් අයට දැන ගැනීමට සැලැස්වීමයි, දෙන ලොකුම ද`ඩුවම කියා මම විශ්වාස කරනවා. ඒ තුළ ඔවුන් ලැජ්ජාවට පත්වෙනවා. සමාජය තුළ කොන් වෙනවා. ඔහුට තිබෙන පිළිගැනීම නැති වෙනවා. බොහෝ වේලාවට කායික ද`ඩුවම් වලට වඩා මානසික වශයෙන් ඇති වන පීඩාවන් ප‍්‍රබල දඩුවම් බව අපි දන්නවා.

        අපි සෑමකෙනෙක්ම මේ සඳහා එකට එකතුවී වගකීමෙන් කටයුතු කරමු. කම්කරු සහ වෘත්තීය අමාත්‍යාංශයට පුළුල් වගකීමක් සහ නායකත්වයක් දෙන මා හිතවත් ගරු ජෝන් සෙනෙවිරත්න අමාත්‍යතුමාටත්, නියෝජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මැතිතුමාටත්, ළමා කටයුතු සම්බන්ධයෙන් දායකත්වය දක්වන සියලූ ආයතන වලටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇතුළු සියලු ආයතන වලටත් පැමිණි ඔබ සියලූ දෙනාටත් මගේ ගෞරවනීය ස්තූතිය පුදකරමින් ඔබෙන් සමුගන්නවා.

        තෙරුවන් සරණයි"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya