ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    උතුරට ක්‍රිකට් ක්‍රීඩාංගනයක්- කිළිනොච්චි ක්‍රීඩා සංකීර්ණය අගොස්තු මසට පෙර අවසන් කරනවා

    ජූනි 23, 2016

    කිළිනොච්චිය ක්‍රිඩා සංකීර්ණයේ සහ පිහිනුම් තටාකයේ ඉදිකිරීම්  2016 අගෝස්තු මාසයට පෙර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    ක්‍රීඩා අමාත්‍යවරයා, මේ බව ප්‍රකාශ කළේ, අද (23) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් ගෙනා ස්ථවර නියෝග 23(2) යටතේ විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. උතුරු පළාතේඉ ක්‍රීඩාව නැංවීම සහ ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය ප්‍රශ්න මඟින් විමස සිටියේ ය.

     

    ක්‍රීඩා සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යනවා.උතුරු පළාතේ කිළිනොච්චිය ක්‍රීඩාංගනයට මිලියන 200ක් වෙන්කර තිබෙනව. 2016 දී ජාතික මහා ක්‍රීඩා උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට බලපොරොත්තු වෙනවා. ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට බලපොරොත්තු වෙනවා.මීටර 400 ධාවන පථය ඉදිකිරීම් සියයට 70%ක් අවසන්.

    උතුරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා.යාපනයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඉඩම් පිළිබඳව සාකච්ඡවක් පසුගියදා සිදු කළා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya