ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තොරතුරු දැනගැනීමේ පනත ඵෙතිහාසික ගමන් මාර්ගයක ආරම්භයක්

    ජූනි 23, 2016

    ර‍ටේ ජනතාවට ‍තොරතුරු දැනගැනීම මූලික අයිතියක් ‍වෙනවා. ඒ ‍වෙනු‍වෙන් පනත් ‍කෙටුම්පත ශක්තිය ලබා‍දෙනවා. මේ පනත ‍ඵෙතිහාසික ගමන් මාර්ගයක ආරම්භයක් ලබාදී තිබෙනවා යැයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජය‍සේකර මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා, මේ බව අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ
    අඳහස් දක්වමිනි.

    ‍මේ පනත ඉතාම වැදගත් ‍වෙනවා. ‍ මෙයින්  ර‍ටේ ජනතාව ශක්තිමත් කර ති‍බෙනවා. ඉදිරි‍යේ දී ඕනෑම ‍තොරතුරක් ර‍ටේ ජනතාවට ලබාගත හැකි ‍වෙනවා. පසුගිය කාල‍යේ ‍මේ පනත සම්මත කර ගන්නට බාධාවන් පැමිණියා. අද වනවිට ‍මේ පනත සම්මත කරගන්නට වත්මන් රජය පියවර ‍ගෙන ති‍බෙනවා. ‍මේ පනත තුළ ර‍ටේ ජනතාවට නිවැරැදි ‍තොරතුරු දැනගත හැකි ‍වෙනවා. ‍හොරකම් වංචාවන් ‍මේ තුළින් දුරස් වී යනවා. රට අවශ්‍ය නිවැරැදි නීති පනත් ‍ගේන්න අ‍පේ රජය කටයුතු කරනවා.

    ‍මේ කරුණු රාජ්‍ය ආරක්ෂාවට බලපාන බවට ඇතැමුන් ‍චෝදනා කරනවා. අපි ප්‍රශ්නවලින් පැන යන්නේ නැහැ. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ‍යෙන් ගැටළු ඇතිකරන්නට සූදානම් නැහැ. නමුත් අද ආරක්ෂාවට තර්ජන නැහැ. ‍ මෙයට නායකත්වය ලබාදුන් සැමට අ‍පේ ස්තුතිය පිරිනමනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya