ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තොරතුරු දැනගැනීමේ පනත මඟින් පත් කෙරෙන කොමිෂම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බළල් අතක් නොවේ

    ජූනි 24, 2016

    තොරතුරු දැනගැනීමේ පනත මඟින් පත් කෙරෙන කොමිෂම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බළල් අතක් නොවන බවත් එය ස්වාධීන කොමිෂමක් බවත් තොරතුරු පනත ගෙන එන්නේ, ජනමාධ්‍යයට දඬුවම් දීමට නොවන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන මහතා ප්‍රකාශ කරයි.


    නියෝජ්‍ය අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කළේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි. අද (24) විවාදයේ දෙවැනි දිනයයි.


    අද රටම බලාගෙන සිටිනවා කොහොමද අනුමතිය දෙන්නේ කියලා. මේ පාර්ලිමේන්තුවේ සිටිනවා 17 සංශෝධනයට ඡන්දය දුන්න අය, 18 සහ 19 ඡන්දයදුන්න අය පාර්ලිමේන්තුවේ සිටිනවා. තොරතුරු දැනගැනීම අවශ්‍යයි, සහ එප කිව්ව අය ඉන්නවා. ඒ පරණ භේද අයින් කරලා ඒකමතියක් මේ පනතට ලබෙයි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා.


    මේ පනත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උරුමයක් තිබෙනවා. හිටපු අමාත්‍ය ධර්මසිරි සේනානායක, චන්ද්‍රිකා මැතිණියගේ කලයේ මේ මතය ගෙනාවා. ඒ වගේ ම එර්ක්සත් ජාතික පක්ෂයට විශාල උරුමයක් තිබෙනවා. පසුගිය කාලයේ ආව සියලු පනත් පුණරීක්ෂණය කරල, වඩාත් හොඳ පනතක් පාර්ලිමේන්තුවට ගෙනැත් තිබෙන්නේ.

     

    මේ පනත ගැන වැරදි වැටහීම් සමාජ ගත වුණා. ජනමාධ්‍ය රස කතා අවශ්‍ය නිස වැරදි වැටහීම් ඇති කළා.පනත එනකොට අදහස සම්පූර්ණයෙන් විකෘති කර දැම්මා.ජනමාධ්‍යයට දඬුවම් දෙන්න නොවේ මේ පනත ගෙන එන්නේ.තොරතුරු දැනගැනීමේ පනතක් තිබුණත් නැතත් ජනමාද්‍ය වගකීම තමයි රටේ ජනතවය තොරතුරු ලබාදීම. වැරදි මත වලින් නොමඟ යන්න එපා.ජනමාධ්‍යයට මේ පනතින් විශාල ආශිර්වාදයක් ඇති වෙනවා.

     

    තොරතුරු දෙන නිලධරීන් ආරක්ෂා කරන්න ප්‍රතිපාදන ඇතුළත් කර තිබෙනවා. තොරතුරු නීතිය සකස් කළේ නීති ගණනාවක් අදාළ කරගෙනයි. මේ මූලධර්ම පිළිබඳ ලොකු අවබෝධයක් නොමැති නිසා වැරදි මත සමාජයට යනවා. මේ කරන්නේ තොරතුරු දෙන්න මිසක් වසන්න නොවේ.උපරිම නිරාවරණය කියන මූලධර්මයක් තිබෙනවා.සිමාවන් යොදනවා නම් ඒ සීමාවන්ටත් සීමා තිබෙනවා.විශාල සීමා දමා තොරතුරු සීම කරන්න බෑ.

     

    සීමාකම් පවා පළල් මහජන අවශ්‍යතාවක් මත, සාධාරණකරණ අවස්ථාවකදී තොරතුරු කොමිෂමට බලය පැවරෙනවා තොරතුරු මුදාහරින්න. ඒ කොමිෂම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බළල් අතක් නොවේ. ස්වාධීන කොමිෂමක්. ජනාධිපතිතුමා විසින් පත් කරන ස්වධීන කොමිෂමක්. කොමිෂම තීන්දු ගන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතා බලලා මිසක් දේශපාලනය දෙස බලා නොවෙයි.

    මේ සංශෝධන එකතු කරලා අපි කැමතියි මේ පාර්ලිමේන්තුවේම එකමතිකව සම්මත වෙනවා දකින්න යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya