ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තොරතුරු දැනගැනීමේ පනත - ඡන්ද දායකයාට, පුරවැසියාට සුබවාදි පරිසරයක් ඇති වෙනවා

    ජූනි 24, 2016

    තොරතුරු දැනගැනීමේ පනත මඟින් ඡන්ද දායකයාට, පුරවැසියාට සුබවාදි පරිසරයක් ඇති වන බව නගර  සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කළේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි. අද (24) විවාදයේ දෙවැනි දිනයයි.


    තොරතුරු දැනගැනීමේ අයිතිය පනත රාජ්‍ය යාන්ත්‍රණය මුළුමණින්ම වෙනස් කරන ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකියි. රජයේ නිලධාරි පංතිය ජනතාවට තොරතුරු දෙන්න අකමැතියි. රජයේ කටයුතු විනිවිඳභාවයකින් කරන්න මේ තුළින් හැකියි.

     

    මේ තුළින් ආකල්ප වෙනස් වෙනවා. වෙනස් කොට සැලකීම නිසා රටේ ප්‍රශ්න ඇති වුණා. තොරතුරු දැනගැනීමේ අයිතිය පනත ඉතා වැදගත් ව්‍යවස්ථා සම්පාදනයක් ලෙස පිළිගත හැකියි. ඡන්ද දායකයාට, පුරවැසියාට මෙමඟින් සුබවාදි පරිසරයක් ඇති වෙනවා යැයි ද අමත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya