ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මහජන සුබසිද්ධියක් නම් තොරතුරු ලබාදීම වැළැක්විය නොහැකියි- යහපාලනයේ වැදගත් පියවරක්

    ජූනි 24, 2016

    කුමන සීමාවක් තිබුණත් එයට උඩින් තිබෙන්නේ මහජන සුබසිද්ධියයි. මහජන සුබසිද්ධියක් තිබෙනවා නම් තොරතුරු ලබාදීම වැළැක්විය නොහැකියි යැයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

    මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ  පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි. අද (24) විවාදයේ දෙවැනි
    දිනයයි.

     

    කරූ ජයසූරිය මතිතුමාගේ පනත් කෙටුම්පත් දෙකත් පරාජය කළා. අපිට අවස්ථාව ලැබී තිබෙනවා පනත සම්මත කරගන්න. කෙටුම්පත් කමිටුවේ සියලු සමාජිකයන්ට ස්තූතිවන්ත වෙන්නට කැමතියි.අපි ජනවාරි 8ට කලින් පොරොන්දු වුණා තොරතුරු ලබාගැනීමේ පනතක් ගේනවා කිව්වා. 19 ව්‍යවස්ථාවෙන් එය මූලික අයිතිවාසිකමක් බවට පත් කළා. අපි එයට මූලික පදනම දැම්මා.මෙය නිකම්ම තොරතුරු ලබාගැනීමට වන පනතක් නොවේ මූලික අයිතිවාසිකමක් වන නීතියක් වන පනතක්. මෙය ලෝකයේ 07 වැනි ශක්තිමත් පනතයි.


    සංශෝධන ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. සිවිල් සංවිධාන යෝජනා කළ සංශෝධන තිබෙනවා. සන්ශෝධන නිසා අපේ ශ්‍රේණිගත වීම ඉහළට යා හැකියි. සමහර අයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇලජික්.පසුගිය අවුරුදු 10 තුළ ඇති වූ තත්ත්වය ගැන යම් ස්ථාවරය සිටියා.කුමන ආණ්ඩුවක් තිබුනත් නීතිඥ සංගමය වෘත්තික මට්ටමින් ක්‍රියා කළා.මූලික අයිතිවාසිකමක් ක්‍රියාත්මක වන අවස්ථාවේ දී  විශේෂ පුද්ගලයන් නම් කිරීමට නීතිඥ සංමයට අයිතියක් තිබිය යුතුයි. මේ පිළිබඳව පුළුල්ව බැලිය යුතුයි.


    කුමන සීමාවක් තිබුණත් එයට උඩින් තිබෙන්නේ මහජන සුබසිද්ධියයි. මහජන සුබසිද්ධියක් තිබෙනවානම් එය තොරතුරු ලබාදීම වැළැක්විය නොහැකියි. සමහර මාධ්‍ය කළ ප්‍රතිචාර අගය කරනවා. මාධ්‍යට උදව්වක් ලබෙනවා. එහෙත් පනත් කෙටුම්පත දෙස බැලුවේ දේශපාලන කොණයෙනුයි.මේ පනත සම්මත වීමෙන් ආණ්ඩුකරණයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වනවා. යහපාලනයේ වැදගත් පියවරක් යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya