2016 ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සමරු මුද්දරය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා කැපවූ ති‍්‍රවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් සමාජයේ නිලධාරින් දස දෙනෙකුට සම්මාන හා සහතික පත‍්‍ර ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවින්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ප‍්‍රතිපත්තිය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
පූජ්‍ය තීනියාවල පාලිත නායක ස්වාමින් වහන්සේ ද, අමාත්‍ය සාගල රත්නයක, ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් කේ. ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.