ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් 50,000ක දීමනාව ලබාදීමට මේ වනවිට රුපියල් මිලියන 18ක මුදලක් ලබාදී තිබෙනවා

    ජූලි 07, 2016

    සාලාව කඳවුර පිපිරුමෙන් හානියට පත් නිවාස  ව්‍යාපාර වෙනුවෙන් රුපියල් 50,000ක දීමනාව ලබාදීමට මේ වනවිට රුපියල් මිලියන 18ක මුදලක් ලබාදී තිබෙන බවත් එම ප්‍රතිපාදනවලින් නිවාස 276ක් සහ ව්‍යාපාර ස්ථාන 52ක් සඳහා  50,000ක දීමනාව ලබාදී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී  පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් නාය යැම් ගංවතුර හේතුවෙන් අවතැන්  වූ ජනතාවට ලබාදෙන සහන පිළිබඳව විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    ආපදා හේතුවෙන් හානියට පත් ජනතාවට සහන සැලසීමට අවශ්‍ය උපදෙස් සියල්ල දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී තිබෙනවා.හානිය පත් වූ නිවාස,භාණ්ඩ පිළිබඳව සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා තිබෙනවා.එම ප්‍රතිපාදන ලබාදිමට කටයුතු කර තිබෙනවා.කොළඹට මිලියන 109ක්, ගම්පහට මිලියන 152ක්,පුත්තලමට මිලියන 09ක්,කෑගල්ලට මිලියන 20ක්,රත්නපුරයට මිලියන 04ක්,කළුතර මිලියන 06ක් ලෙස ලබාදී තිබෙනවා.

     

    කෑගල්ල හා රත්නපුර නාය යැමෙන් හා ගංවතුරෙන් විපතට පත් ජනතාව නිවාස ඉදිකිරීම සදහා විකල්ප ඉඩම් හඳුනාගැනීම හා පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. කැලණි ගඟ මිටියාවතේ,මුදල් ගෙවාගෙන යනවා. කඩුවෙල මුදල් අදහෙට ගෙවා අවසන් කරනවා.විකල්ප ස්ථාන ලබාදෙන්න තිබෙනවා. අලුත් බිම් සොයාගන්න තිබෙනවා. සාලාව කඳවුර පිපිරුමෙන් හානියට පත් නිවාස  ව්‍යාපාර වෙනුවෙන් රුපියල් 50,000ක දීමනාව ලබාදීම සඳහා මේ වනවිට රුපියල් මිලියන 18ක මුදලක් කොළඹ දිස්ත්‍රික් කාර්යාලයට ලබාදී තිබෙනවා.එම ප්‍රතිපාදනවලින් නිවාස 276ක් සහ ව්‍යාපාර ස්ථාන 52ක් සඳහා රුපියල් 50,000ක දීමනාව ලබාදී තිබෙනවා.

     

    වන්දිගෙවීමේ ඇස්තමේන්තුව ලැබී තිබෙනවා.ඒ ඒ ප්‍රදේශවල ප්‍රශ්න තිබෙනවා නම් ආපදා කළමනාකරණ අමාත්‍යතුමා වෙත යොමු කරන්න.දැනටමත් සීග්‍රයෙන් ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා.කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් හඳුනාගැනීමට තිබෙනවා.මුදල් ලබාදී අවසන්. කොළොන්නාව, කඩුවෙල, අවිස්සාවෙල්ල ඉඩම් හඳුනාගන්න ටික කලක් යයි.කොළඹ වතු නෑ.කොළොන්නාවේ මිනිස්සු යවන්න බෑ කළු අග්ගලට.දේශපාලන ප්‍රශ්නයක් නොවෙන්න මෙය සීග්‍රයෙන් සිදු කරනවා.මුදල් ගෙවලා තිබෙනවා.වැඩකටයුත්ත කරගෙන යනවා. තවත් ගෙවල් හදන්න හමුදාව කටයුතු කරනවා.පක්ෂ භේදයකින් තොරව සියලු කටයුතු කරගෙන යනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya