ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තාක්ෂණ හා පර්යේෂණ කටයුතු ඉහළ නැංවීමට පියවර ගත යුතුයි

    ජූලි 07, 2016

    රට දියුණු කිරීමේදි අප අපේක්ෂා කරනුයේ ඉහළ තරගකාරි රටක් බවට පත් කිරීමටයි.අපේ තාක්ෂණ හා පර්යේෂණ කටයුතු ඉහළ නැංවීමට පියවර ගත යුතුයි '' යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ සිල්වා මහතා පවසයි.

    ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අද (07) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.


    රජයට අනුබද්ධ හා අනුබද්ධ නොවන ආයතන බොහොමයක් මෙරට පර්යේෂණ කටයුතු සඳහා පවතිනවා. ජාතික පර්යේෂණ සභාව කාලයක් තිස්සේ පර්යේෂණ සිදු කරමින් තිබෙනවා. පර්යේෂණ කරන අයට මුදල් ලබාදීම ද එමඟින් සිදුකරනවා. 2010 වසරේදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.16 ක්ව තිබූ එක 2013 වන විට අඩු වී තිබෙනවා.

    සියයට 33 ඉංජිනේරු ක්ෂේත්‍රයට අයත් 28 කෘෂිකර්මාන්තය, වෛද්‍ය පර්යේෂණ 10 සමාජ විද්‍යා සියයට 5 ක් තමයි කර තිබුණේ. 113447 දෙනකු සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජිවලට සහභාගිව සිටිනවා.. විද්‍යාඥයින් සියයට 11 ක් පමණි බිහිව තිබෙන්නේ. විද්‍යාඥයින් 5700 ක් බිහිව තිබෙනවා. ගැහැණු පිරිමි අනුපාතය අතරින් සියයට 40 ක් කාන්තාවන්.

     

    අලුත් නිෂ්පාදන ලෙස 28 ක් සොයා ගෙන තිබෙනවා.  වාණිජමය ලෙස භාවිතා කර තිබෙන්නේ අයිතම පහකි. එය හොඳටම මදි. මෙරට දත්ත ලෝකයේ පර්යේෂණ හා තාක්ෂණය සම්බන්ධයෙන් සාපේක්ෂව බලන විට පවතිනුයේ ඉතා අඩු මට්මක. පර්යේෂණ ශ්‍රේණිගත කිරීමේදි ලෝකයේ රටවල් 181 අතරින් 85 වැනි ස්ථානයේ ලංකාව සිටිනවා. සිංගප්පූරුව නව උත්පාදනවලින් ඉහළම මට්ටමක පවතිනවා. රට දියුණු කිරීමේදි අප අපේක්ෂා කරනුයේ ඉහළ තරගකාරි රටක් බවට පත් කිරීමටයි.

     

    ඒ සඳහා අප මීට වඩා දියුණු විය යුතුයි. ලෝකයේ ඉහළ තරගකාරිත්වයක් තිබෙන රටවල් සමඟ අපට තරග කිරීමට නොහැකි වෙනවා. අපට අවශ්‍ය කරන දිශාවට නොවේ මේ රට ගමන් කර තිබෙන්නේ. තාක්ෂණය අතින් කලාපයේ රටවල් අතරින් සිංගප්පූරුව පළමු ස්ථානයේ සිටීමටත් අප පහළ ස්ථානයක සිටීමටත් හේතුව කුමක්ද. අපේ තාක්ෂණ හා පර්යේෂණ කටයුතු ඉහළ නැංවීමට පියවර ගත යුතුයි. ලෝකයේ සිටි දියුණුම ඉංජිනේරුවන් සිටි රටක් අතීතයේ අපට උරුමව තිබුණා. මූල්‍ය හා ප්‍රතිපත්ති වෙනස්කම් සිදු කර අපේ ඉලක්කයට ගමන් කිරීමට අප කටයුතු කළ යුතුයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya