මැයි 23, 2025
tami eng youtube  twitter facebook

    සංචාරක වීසා මත ඕමාන් රාජ්‍යයේ රැකියාවට යන අයට රැකියා වීසා නෑ- විදේශ රැකියා නියුක්ති කාර්යාංශය

    ජූලි 09, 2016

    සංචාරක වීසා මත ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා පැමිණෙන කිසිඳු කාන්තාවකට එරට ගෘහස්ථ අංශයේ රැකියා වීසා ලබානොදීමට එරට රාජ්‍යය තීරණය කර ඇතැයි විදේශ රැකියා නියුක්ති කාර්යංශය පවසයි.

    පසුගියදා එරට සංචාරයක නිතර වූ විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය, ඕමානයේ මිනිස් බල අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් අබ්දුල්ලා අල් බක්රි මහතා සමඟ  සිදුකළ රාජ්‍යතාන්ති‍්‍රක සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස එරට රජය විසින් මෙම තීරණය ගෙන තිබෙන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

     

    කෙසේ නමුත් යම් විශේෂ හේතුවක් මත ගෘහස්ත රැකියා වීසා නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවුවහොත් එරට පිහිටි ශ‍්‍රී ලංතා තානාපති කාර්යාලයේ පූර්ණ අනුමැතිය මත නිකුත් කිරීමට තීරණය කර ඇත.

     

    මේ පිළිබඳ අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ,කාන්තාවන් සංචාරක වීසා මත රැකියා සඳහා යොමුවන්නේ පවුල් පසුබිම් වාර්තාව ලබාගැනීම අපහසුවීම හා කාර්යාංශ ලියාපදිංචිය නොමැතිව විදේශ ගතකිරීමට ඇතැම් රැකියා ජාවාරම්කරුවන් උත්සහ ගැනීම නිසා බවයි.

    ඕමාන් රජය ගෙන ඇති මෙම නව තීරණය නිසා සංචාරක වීසා මත රැකියා සඳහා ඕමාන් රාජ්‍යයට යොමුවන්නන් හට රැකියා හිමි නොවන බවත් ඒ හෙයින් සංචාරක වීසා මත රැකියා සඳහා විදේශ ගත නොවන ලෙසත් සංචාරක වීසා මත රැකියා සඳහා විදේශ ගතකිරීමට උත්සහ කරන ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය දැනුවත් කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya