ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සයිටම් පටන් ගත්තේ ගිය ආණ්ඩුවෙන් -අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    ජූලි 08, 2016

    සයිටම් ආයතනය පටන් ගත්තේ අපි නොවේ, ගිය ආණ්ඩුවෙන්.ඒ අනුව සයිටම් වෛද්‍ය උපාධිය ගිය ආණ්ඩුවෙන් පිළිගෙන තිබෙන්නේ යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය , සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, සාපරාධී කරුණුවලදී අනෝන්‍යය සහයෝගීතාවය දැක්වීමේ පනත යටතේ නියමය සහ සමථ මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

     

    නව රජය අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි කැප වුණ. දින සියයයේ ආන්ඩුව යටතේ ව්‍යවස්ථාවක් ඇති කරල, ස්වාධීන කොමිෂන් පිහිටුවලා,මේ රටේ ආයතන ගණනාවකම ස්වාධීනත්වය තහවුරු කළා.


    අධිකරණයේ ස්වාධීනත්වය අගය කරනවා. අද අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනය එල්ල වී තිබෙන්නේ පාලකයන්ගෙන් නොවේ,උගත් යැයි කියන අයගෙන්. අපේ වෛද්‍යවරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිහින් වර්ජනයක් කළා. මේක පැහැදිලිවම අධිකරණයට අපහසයක්. සයිටම් පටන් ගත්තේ අපි නොවේ ගිය ආණ්ඩුවෙන් කළේ. සයිටම් වෛද්‍ය උපාධිය ගිය ආණ්ඩුවෙන් පිළිගෙන තිබෙන්නේ.


    සිසුන් උසාවි ගියා. සිසුන් උසාවි යන එක වරදක් ද? පැහැදිළිව අධිකරණයට කළ අපහාසයක්. සයිටම් ආරම්භ කළ කාලේ කවුරුත් විරුද්ධ වුණේ නෑ. පෞද්ගලික අධ්‍යාපනය රටට අවශ්‍යයි.

    සියයට 80%කට විශ්වවිද්‍යාලයකට යන්න බෑ. පාස් තුනක් අරන් අපේ විශ්වවිද්‍යාලවට ගිහින් තියෙනවා. කොළඹ,මහනුවර ,ගාල්ල ,වැනි ප්‍රදේශවල ඒ දෙකක් ගත්තත් යන්නබෑ. සයිටම් ළමයි අතරමං කරන්නද? වහලා දාන්නද? වැඩවර්ජන පිළිගන්න බෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya