ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පිටරටින් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසීමට කිසිදු සූදානමක් නැහැ – ජනපති අවධාරණය කරයි

    ජූලි 11, 2016

    අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ පිටරටින් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසීම පිළිබඳ කිසිදු ඉඩක් නොමැති බව පැවසු ජනාධිපතිතුමා ඒ සඳහා ඉඩක් ලබාදීමට ද තමා කිසිසේත් සූදානම් නොමැති බව අවධාරණය කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය පසුගිය 9 වැනි දා පේරාදෙණිය ශී‍්‍ර සුබෝධිරාම විහාරස්ථානයේ පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමිනි.

     

    ‘යුද අධිකරණය තව මාස නමයකින් – විදෙස් විනිසුරුවොත් එයි‘ මැයෙන් ඉරිදා ජාතික පුවත්පතක පළවී තිබූ ශීර්ෂ පාඨය පිළිබඳවද මෙහිදී සිය කණගාටුව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා පැවසුවේ රට, ජාතිය නොමග යවන සුළු එම අසත්‍ය ප‍්‍රකාශ තමා දැඩි සේ ප‍්‍රතික්ෂේප කරන බවයි.

     

    මාධ්‍යයේ වගකීම රට ජාතිය යහපත් කිරීම විනා නොමග යැවීම නොවන බවද අවධාරණය කළ ජනාධිපතිතුමා අද ඇතැම් අවස්ථාවල රටේ මාධ්‍ය හැසිරීම පිළිබඳ තමා දැඩි ලෙස කණගාටු වන බවද කියා සිටියේය.

     

    එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාව ශී‍්‍ර ලංකාවට ලබාදී ඇති යෝජනාවල යුධ අධිකරණයක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොවන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එහි සඳහන්ව ඇත්තේ රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම මානුෂීය අයිතින් පිලිබඳ අවධානය යොමු කරන ලෙස කළ ඉල්ලීම් පමණක් බව ද කියා සිටියේය.

     

    වසර 26 ක් අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාවගේ ගැටලූ විසදමින් වත්මන් රජය ඉටු කරමින් සිටින්නේ නිදහසින් පසු බිහි වූ කිසිදු රජයක් එම ජනතාව වෙනුවෙන් ඉටු නොකළ වැඩ කොටසක් බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා රට තුළ සමානාත්මතාවය සහ සහජීවනය ඇති කරමින් සාධාරණ සමාජයක් ගොඩනැ`ගීමට රජය ගෙන යන එම වැඩපිළිවෙලද අද ඇතැමුන්ගේ විවේචනයට ලක්ව ඇති බව කියා සිටියේය.

     

    බුදු දහම පෝෂණය කිරීමට සහ අපට ලෝකයට ලබාදිය හැකි අගනාම දායාදය වන ථේරවාදී බුදු දහම ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කැපවී කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ජාත්‍යන්තර බෞද්ධ ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තෛනිකායික මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා සහ මගපෙන්විම යටතේ කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය.

     

    පේරාදෙණිය ශී‍්‍ර සුබෝධිරාම විහාරස්ථානයේ පැවැත්වුණු ඓතිහාසික තෘතීය ති‍්‍රපිටක සද්ධර්ම සජ්ජායනාවේ සමාප්ති පුණ්‍ය මහෝත්සවය සහ පූජ්‍ය වත්තේගම ශී‍්‍ර ධම්මාවාසාභිධාන නායක ස්වාමින් වහන්සේගේ ජන්ම දින උපහාර පුණ්‍ය මහෝත්සවය මෙලෙස ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

     

    වත්තේගම ශී‍්‍ර ධම්මාවාසාභිධාන නායක ස්වාමින් වහන්සේ් වෙත පිරිකර පූජාකර සුව දුක් විමසූ ජනාධිපතිතුමා උන්වහන්සේට ජන්ම දින සුබ පැතුම් ද පිරිනැමීය.

     

    2560 සම්බුද්ධ ජයන්ති සිරි සුබෝධි වෙසක් මහෝත්සව කමිටුව විසින් මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කර තිබූ අතර එහි සභාපති මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා වෙත ශී‍්‍ර ලංකා මධ්‍ය මාණ්ඩලීස්වර මහාමාන්‍ය ගෞරව සම්මානය සහිත උපහාර තිළිණ පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. උඩරට අමරපුර මහා නිකායේ කාරක සංඝ සභාව විසින් මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත මෙම ගෞරව නාමය පිරිනමා ඇත.

     

    රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය අත්තරාගම වජිරජෝතාභිධාන අනුනායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, මහින්ද සමරසිංහ යන මහත්වරුන්ද නන්දිමිත‍්‍ර ඒකනායක, එදිරිවීර වීරවර්ධන යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් සහ ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya