ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ලබන වසරේ නව මුහුණුවරකින්

    ජූලි 12, 2016

    මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ලබන වසරේ නව මුහුණුවරකින් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර නිදහස් කර ගැනීමට සියලු දෙනාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව පැවසූ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කළහැකි, කළයුතු සෑම කාර්යයක්ම රජය නිසි ලෙසම ඉටු කරන බව කියා සිටියේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (11) පෙරවරුවේ පුත්තලම ආනන්ද ජාතික පාසල් කී‍්‍රඩාංගණයේ පැවති මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනේ 07 වන අදියර වැඩසටහනට එක් වෙමිනි.

    අද අපේ රටේ ජනතාව භයානක ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇති අතර ලංකාවේ ජනගහනයෙන් හතළිස් පන්දහසක් පමණ හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී ඇති බව වාර්තා වේ. ලංකාවේ ලක්ෂ දෙකක් පමණ ගංජා භාවිතා කරති. ලංකාවේ සිගරැට් භාවිතා කරන අයගෙන් සියයට තුනක් පාසල් ළමුන් බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 2015 කළ සංගණනයට අනුව මෙරට දුම්පානය කරන්නන්ගේ සංඛ්‍යාව සියයට 23.4 ක් බවද පැවසේ.

    මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනේ 07 වන වැඩසටහන පුත්තලම දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වණු අතර දිස්ති‍්‍රක්කයේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන්, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබ`ද ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහෙයවීමෙන් වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කෙරිණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනේ පළමු අදියර මෙම වසර අවසාන වන විට පරිපාලන දිස්ති‍්‍රක්ක 25 තුළම කි‍්‍රයාත්මක කර අවසන් කරන බවයි.

    නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන නිලධාරින් ඇගයීමට ලක් කරමින් ඔවුන් වීරයින් ලෙස සළකා සම්මාන ලබාදීමේ වැඩසටහනක් ද ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    මතින් වැළකී සිටීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී තවත් ශක්තිමත් කරන බව ද පැවසීය.

    මෙම සියලූ කටයුතු සඳහා පළමු ආදර්ශය දේශපාලඥයින්ගෙන් ලැබිය යුතු බවද පැවසූ ජනාධිපතිතුමා රාජ්‍ය නිළධාරින්, මහජනතාව සියලූදෙනා මේ සමඟ සකී‍්‍රයව දායක විය යුතු බව කියා සිටියේය.

    පුත්තලම දිස්ති‍්‍රක්කයේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කැපවූ ශී‍්‍ර ලංකා පොලිසියේ, සුරාබදු අධිකාරියේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙන්ම පුත්තලම දිස්ති‍්‍රක් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් ඇගයීමට ලක් කරමින් සම්මාන ලබාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර සිවිල් සංවිධාන නියෝජිතයින් මෙන්ම ප‍්‍රාදේශීය මාධ්‍යවේදින් ද ඇගයීමට ලක් කරමින් ජනාධිපතිතුමා අතින් සම්මාන ප‍්‍රදානය කෙරිණි.

    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පාසල් දරුවන් අතර පැවති චිත‍්‍ර හා කෙටිකතා තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මතින් වැළකී සිටීම පිළිබඳ අත්සන් දහසකින් යුත් සංදේශයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    අමාත්‍ය දයා ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන පි‍්‍රයංකර ජයරත්න, පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ද වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය ද, ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ඇතුළු වයඹ පළාත් මැති ඇමතිවරු රැසක් ද, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි, පුත්තලම දිස්ති‍්‍රක් ලේකම්, සුරාබදු කොමසාරිස් ජනරාල්, ඇතුථ රාජ්‍ය නිළධාරින් ද පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ද මෙම වැඩසටහනට එක්ව සිටියහ.

    PMD News

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya