ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික පිරිවෙන් දින මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් 27 දා

    ජූලි 19, 2016

    අධ්‍යාපන අමාත්‍යංශ‍යේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව සහ මධ්‍යම පළාත් පිරිවෙන් කෘත්‍යාධිකාරී පරිවේනාධිපති සංගමය මගින් සංවිධානය කරනු ලබන ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය ලබන 25,26, සහ 27 යන තෙදිනපුරා මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    ඒ අනුව මෙම ජාතික මහෝත්සවය 2016 ජූලි 25 වැනි දින පෙ.ව. 8.30 ට කථානායක කරු ජයසූරිය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. රාජ්‍ය මහෝත්සවයේ සමාප්තිය 2016 ජූලි 27 වැනි දින ප.ව. 2.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    මෙම ජාතික පිරිවෙන්දින මහෝත්සවය පැවැත්වෙන සෑම දිනකදීම ශාසනික ඉතිහාසය, සහ බුදු දහම ඇතුළු විවිධ මාතෘකා ඔස්සේ සාකච්ඡා සහ සංවාද මණ්ඩප පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, විවිධ සංස්කෘතිකාංග රැසක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. මීට අමතරව පිරිවෙන් අධ්‍යාපනය තුළින් අධ්‍යාපනික වශයෙන් විවිධ ඉසව් ඔස්සේ උසස් ප්‍රතිඵල ලැබූ පිරිවෙන් සිසුන් වෙත සහතික සහ සම්මාන පිරි නැමීමටත් පිරිවෙන් අධ්‍යාපනය සදහා කැප වි සේවය කරන ගුරු භවතුන් ඇගයීමටත් මෙහිදි කටයුතු යොදා තිබේ.

    පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවමින් ශක්තිමත් පිරිවෙන් පද්ධතියක් බිහිකර ඊට වටිනාකමක් ලබාදීමේ අරමුණින් පවත්වනු ලබන පිරිවෙන් දින උළෙලක් රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස ‍මෙය හැඳින්විය හැකිය. මීට පෙර පිරිවෙන්දින උත්සවය පැවතියත් ඒ සඳහා සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දී නොමැති අතර, මෙවර ඒ සඳහා ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දී තිබේ.


    ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයේ නියැලෙන ගිහි සහ පැවිදි සිසුන් 75,000 ක් පමණ සිටින අතර, ඔවුන්ගේ අධ්‍යාපනයට මග පෙන්වීමට ගුරු භවතුන් 6,000 ක් පමණ සේවයේ යෙදී සිටියි. සෑම දිනකම පෙ.ව 8.30 සිට  ප.ව. 6.30 දක්වා පැවැත්වෙන මෙම උත්සවයට සහභාගී වන ලෙස සියලු දෙනාටම සංවිධායක මණ්ඩලය මගින් විවෘත ආරාධනයක් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya