අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී එස්.එම්. මරිඛ්කාර් මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයට, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා වෙනුවෙන් පිළිතුරු ලබාදෙමිනි.
දැනට රාජ්‍ය සේවය තුළ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 8388කි. අදාළ සේවා ව්‍යවස්ථාවන්හි සුදුසුකම් සපුරන උපාධිධාරීන්ට එම තනතුරු සඳහා පැවැත්වෙන බඳවා ගැනීමේ තරඟවිභාගයන්ට පෙනී සිටිය හැක. සංවර්ධන නිලධාරී සේවයට රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේ දී, උපාධිධාරී අභ්‍යසලාභී යෝජනා ක්‍රමය මැයෙන් වූ අමාත්‍ය මණ්ඩල තීරණයක් ලෙස රාජ්‍ය සේවයේ දැනට සේවය කරන උපාධිධාරීන් සංඛ්‍යාව සමාලෝචනය කර එහි ප්‍රතිඵල මත ඔවුන්ගේ සේවය ඵලදායී ලෙස නැවත ස්ථාපිත කරන ක්‍රමවේදයක් සකස් කිරීමටත්, එතෙක් සංවර්ධන නිලධාරී සේවයට බඳවා ගැනීම කල්දැමීමටත් තීරණය කර ඇත.
ඒ සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ මත ඉදිරි කටයුතු සිදු කිරීමට යෝජිතව ඇත. සංවර්ධන නිලධාරී සේවය සඳහා කමිටු නිර්දේශ මත බඳවා ගැනීම් සිදු කළ හැකි බවද අමාත්‍යවරයා පිළිතුර සඳහන් කරමින් පැවසී ය