ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මගීන්ට තොරතුරු දැනගැනීමට ජංගම දුරකතන කෙටි පණිවුඩ සේවයක්- බස් රථවල GPS දෝෂ සකස් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

    ජූලි 21, 2016

    බස් රථවල ජී.පී.එස් දෝෂ සකස් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවත් බස් රථය පිළිබඳව මගීන්ට  අවශ්‍ය තොරතුරු දැනගැනීමට ඉදිරියේ දී ස්මාර්ට් ජංගම
    දුරකතන මඟින් කෙටි පණිවුඩ,(එස්.එම්.එස් ) මඟින් අවශ්‍ය තොරතුරු ක්ෂණිකව ලබාදීමට කටයුතු සිදු කරමින් පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය
    අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

    පර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී ගෙනා වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මකභවය වර්ධනය කිරීම සඳහා ආරක්ෂිත සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ලබාදීම  බස් රථ සඳහා ජී.පී.එස්. (GPS) තාක්ෂණය යෙදවීමේ ව්‍යාපෘතියේ අරමුණයි.

    මඟින්ට තමන්ට අවශ්‍ය බස් රථය පිළිබඳව  තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් 1955 අමතා ලබාගත හැකියි.ඉදිරියේ දී කෙටි පණිවුඩ, එස්.එම්.එස් මඟින් ස්මාර්ට් ජංගම
    දුරකතන මඟින් අවශ්‍ය තොරතුරු ක්ෂණිකව ලබාදීමට කටයුතු සිදු කරමින් පවතිනවා.

     

    බස් රථ 2085 ක ජී.පී. එස් තාක්ෂණය එක් කර තිබෙනවා.මෙම ව්‍යපෘතිය සඳහා මිලියන 61ක පිරිවැයක් දරා තිබෙනවා.මේ වනවිට බස් රථ 800ක පමණ ප්‍රමාණයකයි ජී.පී.එස්. ක්‍රියාත්මක වන්නේ.මෙම ජී.පී.එස්. අක්‍රීය වූ බස් රථ යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු සේවා ස්ථානයක් සොයාගැනීමට පියවර ගෙන තිබෙනවා.

     

    මේ වැඩපිළිවෙල වසර 2011 දී ආරම්භ කර තිබෙන්නේ.මෙහි යම් යම් දෝෂ තිබෙන බව අපි සොයාගෙන තිබෙනවා.දෝෂ සකස් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා,විශේෂ පාලන මැදිරියක් ද සකස් කර තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya