ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රණවිරු නිවාස වැඩපිළිවෙළ පුළුල් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

    ජූලි 21, 2016

    මාතෘ භූමියේ ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැප වූ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් කි‍්‍රයාත්මක රණවිරු නිවාස වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කරන ලෙස ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (20) පස්වරුවේ කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානයේ පැවති ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

    ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා මෙම රැස්වීමට එක්වූ අතර අමාත්‍යාංශයේ කි‍්‍රයාකාරිත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    ති‍්‍රවිධ හමුදා සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක සියලු වැඩසටහන් සකී‍්‍රයව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් කි‍්‍රයාත්මක කර ඇති සුබසාධන වැඩසටහන්වල ප‍්‍රගතිය ද විමසා බැලීය.

    බත්තරමුල්ල, අකුරේගොඩ ඉදිකෙරෙමින් පවතින යුද හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

    වෙරළ සංරක්ෂණය වෙනුවෙන් නාවික හමුදාවේ අනුග‍්‍රහයෙන් කි‍්‍රයාත්මක වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර පරිසර අමාත්‍යාංශය, වෙරළාරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම සංචාරක කටයුතු අමාත්‍යාංශය සහ නාවික හමුදාව එක්ව ඒ සඳහා නව ව්‍යාපෘතියක් කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ජාතික ශිෂ්‍ය භට කණ්ඩායම් ශක්තිමත් කිරීම පිළිබඳවද අවධානය යොමු වූ අතර යහපත් සහ විනයගරුක අනාගත පරපුරක් රට තුළ ගොඩනැගීම සඳහා සෑම මහා විද්‍යාලයකම සහ මධ්‍ය මහා විද්‍යාලයකම ශිෂ්‍ය භට බලකායන් ස්ථාපිත කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් මෙම සාකච්වාට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya