ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථික අභියෝග තිබුණත් ප්‍රතිලාභ දීම අඩු කළේ නෑ - අමාත්‍ය කබීර් හෂීම්

    ජූලි 22, 2016

    ආර්ථික අභියෝග තිබුණත් ප්‍රතිලාභ දීම අඩු  නොකළ බවත් සාධාරණ සමාජයක් සඳහා වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    සාධාරණ සමාජයක් ඇති කිරීමට වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.සුදු අලි ව්‍යාපෘති රට තුළ හැදුවා.අපට පසුගිය කාලයේ දේශීය නිෂ්පාදන අංශය ශක්තිමත් වුණේ නෑ.අපේ කුඩා හා මධ්‍යම පරිමණ කර්මාන්ත ගැන කතා කළ අය  මොනවද කළේ?


    මේ රටේ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට පළමු වසර අවශ්‍යයයි. කාර්මික නිෂ්පාදනය, මුහුදු නිෂ්පාදනය වැඩි කිරීමට  වැඩපිළිවෙලක් ආරම්භ කරනවා.

     

    අවුරුදු 20ක් හිටියා  මේ රටේ වෙනසක් ඇතිකරන්න බැරි වුණා.වසර දහයක් ගෙවෙන තුරුත් මිනිසුන්ට කතා කරන්න බැරි වූ අය දැන් අපේ ආණ්ඩුවේ මාස 10 ගැන කතා කරනවා, මොනවද කළේ, අහනවා. දේශපාලන පළිගන්නවලු.මේ රටේ නීතියක් තිබෙන නිසා තමයි වැට් බද්ද ගැන තීන්දුවක් ආවේ. නීතියේ ස්වාධීනත්වය ඇති වී තිබෙනවා.

     

    නීතිය වැඩකරනවා. එයට මැදිහත්වීමක් නෑ. හැමදාම විදුලිපුටුවට වෙව්ලලා, හිටියා අද විදුලි පුටු ගැන කතා කරන්නේ නෑ.අද එතුමා සුරක්ෂිතයි.අපි රටේ අභ්‍යන්තර ක්‍රමයකට අනුවයි අපේ ප්‍රශ්න විසඳාගන්නේ. අපි රටට තොරතුරු දැනගැනීමේ පන්ත ඉදිරිපත් කළා.පාර්ලිමේන්තුවට බලය ලබාදීමට කටයුතු කළා.පොදු ජන මතය ලබාදීමට අපි ඉදිරිපත් වී සිටිනවා. ආර්ථික අභියෝග තිබුණත් ප්‍රතිලාභ දීම අඩු කළේ නෑ. එදා සුනාමි සල්ලිත් සොටකම් කළා. අපි දැන් ප්‍රතිලාභ ජනතාවට ලබදෙන්න ආරම්භ කළා යැයි අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya