ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සංවර්ධන ව්‍යාපාර ආරම්භ කිරීමේ අවස්ථාව එළඹී තිබෙනවා - අගමැති

    ජූලි 25, 2016

    එක්සත් ජාතික පක්ෂය ඉදිරියට යන පක්ෂයක් බවත් මේ රටේ දියුණුව ප්‍රගතිය බොහෝදුරට ඇති වුණේ එක්සත් ජාතික පක්ෂය නිසා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    නිවාස වැඩසටහන, වෙළඳ කළාප, කර්මාන්තශාලා ආරම්භ කිරීම යනාදී වැඩසටහන් රැසක් ජනතාව වෙනුවෙන් සිදු කළේ එක්සත් ජාතික පක්ෂය රජය විසින් යැයි අගමැතිවරයා සඳහන් කළේය.

     

    දැන් රජය වැඩ පටන් අරන් තිබෙන අතර රටේ ජාතිවාදය තුරන් කර සංහිඳියාව ඇති කිරීමට කටයුතු කර තිබෙන බවත් මේ රටට විරුද්ධව ජාත්‍යන්තරය තුළ තිබූ මතය නැති කර තිබෙන අතර දැන් අපට සංවර්ධන ව්‍යාපාර පටන් ගැනීමේ අවස්ථාව එළඹී තිබෙන බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

     

    මහනුවර සහ මාතලේ යන ප්‍රදේශවල පැවති එක්සත් ජාතික පක්‍ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන්වලදී පසුගියදා අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

     

    “අපි දැන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුයි. සමහරු මේ වැඩ කටයුතුවලට විරුද්ධ වේවි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ එසේ විරුද්ධවීමට අවකාශ තිබෙනවා. අපට දොස් කියන්න පුළුවන්, විකල්ප යෝජනා ඉදිරිපත් කරන්නට පුළුවන්. මේවා ප්‍රශ්න නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් පමණක් බව අගමැතිවරයා සඳහන් කළේය.

     

    සමහර ව්‍යාපාරකයන්ට වැට් ගැන ප්‍රශ්න තිබෙන අතර ඔවුන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළ බවත් උසාවියේ නඩුව අවසන් වූ පසු ලබාදිය හැකි සෑම සහනයක් මා ලබා දෙන බවත් ඒ මහතා පැවසීය.

     

    "අවුරුදු පහකට පස්සේ, ජනතාව අපට යන්න කිව්වොත් යන  බවත් ඒත් හොරු යන්න කියල කිව්වට යන්නේ නැති අතර  හොරු ආරක්‍ෂා කරන්නේ නැත" යැයි අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya