ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මල්හරුස් සුල්හියා මධ්‍ය මහා විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය සිසු අයිතියට

    අගෝස්තු 09, 2016

    ගාල්ල, මල්හරුස් සුල්හියා මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකරන ලද නව තාක්ෂණ පීඨය ඊයේ (08)  ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

    දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගනු වස් ප්‍රාථමික පාසල් හා ද්විතියික පාසල් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම තාක්ෂණ පීඨය පාසල වෙත ලබා දී තිබේ.

     

    මෙම විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

     

    අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණ පීඨය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

     

    පසුගිය වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේදී තාක්ෂණ විෂය ධාරාවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමිකරගත් මල්හරුස් සුල්හියා මධ්‍ය මහා විද්‍යාලයේ එම්.එන්. ෆාරා නිෆිලා සිසුවියට සම්මානයක් පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, අමාත්‍ය වජිර අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, පළාත් අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර යන මහත්වරුන් ඇතුථ පිරිසක් ද විදුහල්පති අයි.එම්.එම්. යුසුෆ් මහතා ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya