ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    උගතුන්ගේ නිහඬ බව රටේ ගැටලු විසඳීමට බාධාවක්

    අගෝස්තු 09, 2016
    රට ඉදිරියේ තිබෙන ප‍්‍රශ්න සහ ගැටලු හෙට උපදින දරුවන් වෙනුවෙන් විසඳීමට උගතුන් සහ බුද්ධිමතුන් පෙරට ආ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (08) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ උපහාර ප‍්‍රණාම උළෙල අමතමිනි.
     
    මානව සමාජයේ ප‍්‍රගමනය සඳහා අද තිබෙන ප‍්‍රධානම බාධාව හිස් මිනිසුන්ගේ ඝෝෂාවත්, උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ නිහඬතාවයත් බවට ඇමරිකානු මානව හිතවාදී නායකයෙකු වූ මාටින් ලූතර් කිං කළ ප‍්‍රකාශය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා එම ප‍්‍රකාශය අපේ රටට එදාට වඩා අදට ගැළපෙන බව සඳහන් කළේය.
     
    රටට අවශ්‍ය උගතුන් සහ බුද්ධිමතුන් බිහි කිරීම සඳහා විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයේ ඇති ගැටලු විසදිම වෙනුවෙන් ද විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයේ කටයුතු කරන සියලු උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ දායකත්වය අපේක්ෂා කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා සියලුදෙනාට තමා විවෘත ආරාධනාවක් සිදු කරන බව ද කියා සිටියේය.
     
    අද අප රට වශයෙන් විසඳිය යුතු මූලික ගැටලු අතර මානව සම්පත් හිඟය ඉතා බරපතළ ගැටලුවක් බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමය මගින් සංවිධාන කරන ලද, ප‍්‍රදීප ප‍්‍රණාම සම්මාන උළෙලේදී, එහි ආදි විද්‍යාර්ථින් 47 දෙනෙකු ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත්හ.
     
    පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමින් වහන්සේ, පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය ගලබොඩ ඥානීස්වර ස්වාමින් වහන්සේ ද මෙහිදී ජනාධිපතිතුමා අතින් උපහාර සම්මාන ලබාගත් අතර පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ රාජ්‍ය සේවයේ නිරත ඉහළ නිලධාරින් රැසක් ජනාධිපතිතුමා අතින් උපහාර සම්මාන ලැබීය.
     
    අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya