අමාත්‍යවරයා ලෙස තමා මොරගහකන්ද කිසිදු ඉඩමක් ලබාදී නැතැයි ද එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ලබන කන්නයේ වගාවට අවශ්‍ය මඩ පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ලබන වසරේ අඛණ්ඩව විදුලිය ලබා දීමට නම් විදුලි බිල සංශෝධනය කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නැති බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවේ නියුතු සියලු අංශවල පිරිස් සමඟ සාකච්ඡා කර පොදු ප්‍රවාහනයට අලාභ නොවන ආකාරයට දුම්රිය යොදාගැනීම සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් ගැනීමට කටයුතු කරන බවත්, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.