නියාමනයක් සහිතව ජාතිත ප්‍රතිපත්ති නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සදහා ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් අනුකමිටුවක් පත් කිරීමට පසුගියදා (01) පැවති කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී තීරණය විය.
කම්කරුවා ආරක්ෂා කිරීමට නම් ව්‍යවසායකයා සුරක්ෂිත කළ යුතු බවත්, රට ගොඩනගන ගමන කඩාකප්පල් කරන රැලි වලට අහු නොවනා ලෙසත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා (03) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
රටට ඩොලර් ගෙනෙන වැඩිම පිරිස ලක්ෂ 20 ඉක්මවූ විදෙස් රැකියා ලාභීන්ය. එය වසරකට ඩො බිලි 08 ක් තරම් දැවැන්තය. එහෙත් ඔවුන්ගේ ඩොලර් වලින් රට දිව්වද සියලු ආණ්ඩු ඔවුන්ට බෙදුවේ දෙකයි පනහේ හැන්දෙනි.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කරුණු පැහැදිළි කිරීමක් සිදු කර තිබේ.