මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලාංකිකයින් පිරිසක් (01 දින ) කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේදී පරික්ෂා කිරීමේදී, ඉන් නව දෙනෙකු සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා යාමට උත්සහ කර ඇති බව හෙළිවිය.
සංචාරක ව්‍යාපාරය නැංවීමට අන්තර් අමාත්‍යංශ කාර්යය සාධන බලකායක් පිහිටුවීමට යෝජනා කරන බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ධීවරයන්ට මුහුණ දීමට සිදුව ඇති ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ලබන වසරේ සිට විදුලි මෝටර් බෝට්ටු හඳුන්වාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පසුගියදා (29) පැවසීය.
එක්සත් ජාතින්ගේ ආහාර හා කාෂිකර්ම සංවිධානය මෙරට දිස්ත්‍රික්ක 08 අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබා දීමටනියමිත යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9000ක ප්‍රමාණයක් රැගත් නෞකාව (02) උදෑසන කොළඹ වරායට සේන්දු විය.