ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    යාල ජාතික උද්‍යානයේ පරිපාලන හා සංචාරක පහසුකම් වැඩි දියුණු කෙරේ

    ජූනි 26, 2015
    යාල ජාතික උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ පරිපාලන හා සංචාරක පහසුකම් වැඩිදියුණු කර අන්තර්ජාතික මට්ටමේ ජාතික උද්‍යානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය හෙට (27) පෙරවරු 10.20ට යාල ජාතික උද්‍යාන මූලස්ථාන පරිශ්‍රයේ දී සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමාගේ සහ සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවසන්ත සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    වනජීවි සංරක්ෂණ අරමුදලේ ප්‍රතිපාදන මත මිලියන 521ක් වැය වන යාල පරිපාලන හා සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර 05ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ යටතේ යාල නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා ප්‍රධාන ස්ථාන 03ක් කේන්ද්‍ර කර ගනිමින් සහ (පලටුපාන පිවිසුම, පටනංගල සංචාරක නැවතුම, පරණ තොටුපළ සංචාරක නැවතුම) අදාළ ස්ථානයන් යාවෙන පරිදි සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් සකස් කර තිබේ.
     
    දෛනිකව යාල නැරඹීමට පැමිණෙන සංචාරකයන් අතරින් බහුතරයක් (75 % පමණ ප්‍රතිශතයක්) යාල ජාතික උද්‍යානයට පිවිසීම සඳහා භාවිතයට ගන්නා පලටුපාන පිවිසුම, මුහුදු කලාපය ආශ්‍රිත සුන්දරත්වය අත්විදිය හැකි  පටනංගල සංචාරක නැවතුම සහ මැණික් ගඟ ආශ්‍රිත සුන්දරත්වය අත්විදිය හැකි පරණ තොටුපෙළ සංචාරක නැවතුම යන ස්ථානයන් සංචාරකයන් නිරන්තරවම ගැවසෙන ප්‍රදේශයන් බැවින් එම කලාපයන් ආශ්‍රිතව සංචාරක පහසුකම් වැඩි 
    දියුණු කිරීමට මුලිකවම පියවර ගනු ලැබේ. නියං සමයේ දී පීඩාවට පත් වන වනජිවින්ගේ පරිභෝජනය සඳහා නව ජල ප්‍රභවයන් නිර්මාණය කිරීම ඇතුළු වනජිවි සුපෝෂණයට අදාළව අවශ්‍ය ඉදිරි පියවර ගැනීමත්, යාල මාර්ගයන් ආශ්‍රිතව පවත්නා වාහන තදබදය අවම කර වනසතුන්ගේ නිදහසට බාදා නොවන පරිදි මාර්ග පද්ධතියේ අලුත්වැඩියාවන් සහ නව මාර්ගයක් ඉදි කිරීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු වේ.
     
    සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීම යටතේ පලටුපාන ප්‍රවේශපත් නිකුත් කරනා කාර්යාලයේ නවීකරණ කටයුතු සිදු කර ප්‍රවේශපත් නිකුතුව කාර්යක්ෂම කිරීම,  සංචාරකයින් සදහා විවේකීව ආහාර පානාදිය ලබා ගත හැකි (Palatupana Resturent) විවේකාගාරයක් ඉදිකිරීම, පානීය ජල පහසු කම් / වැසිකිලි පහසුකම් ඇති කිරීම, විධිමත් වාහන නැවතුම් ස්ථාන 02ක් ස්ථාපිත කිරීම, සංචාරකයන් සඳහා වනජීවි තොරතුරු මධ්‍යස්ථානයක් ඉදි කිරීම, අත්කම් නිර්මාණ මිළදී ගැනිම සඳහා පහසුකම් සලසා දීම, ළමා උද්‍යානයක් ස්ථාපිත කිරීම, සංචාරක මග පෙන්වන්නන් සඳහා විවේකී ස්ථානයක් ඉදි කිරීම, ජලය ගබඩා කිරීමේ සහ ප්‍රතිචක්‍රීය කරණය කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීම සහ පටනංගල /පරණ තොටුපළ ආශ්‍රිතව පානීය ජල පහසුකම් , වැසිකිලි පහසුකම් ඇති කිරීම ආදිය ද මෙම ව්‍යාපෘතිය මගින් සිදු වේ. යාල වනජිවි කාර්ය මණ්ඩලයේ කාර්යාලීය සහ නවාතැන් පහසුකම් වැඩි දියුණු කිරීමද ඒ යටතට අයත්ය. 
     
    ත්‍රස්තවාදී ක්‍රියා පැවැති සමය තුළදී පරිහානියට පත් වු යාල ජාතික උද්‍යානයේ නව බුතව සංචාරක නිවාසය වනජීවී සංරක්ෂණ අරමුදලේ ප්‍රතිපාදන මත ප්‍රතිසංස්කරණය කර යාල සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උළෙලට සමගාමීව, යළිත් සංචාරකයන් සඳහා විවෘත කිරීමේ උත්සවය ද හෙට දිනයේ දී  සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමාගේ සහ සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ද කටයුතු සුදානම් කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya