ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    යාල ජාතික උද්‍යානයේ පහසුකම් වැඩිදියුණු කෙරේ

    ජූනි 27, 2015
    යාල ජාතික උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ පරිපාලන හා සංචාරක පහසුකම් වැඩිදියුණු කර අන්තර්ජාතික මට්ටමේ ජාතික උද්‍යානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය අද (27) පෙරවරු 10.20ට යාල ජාතික උද්‍යාන මූලස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරේ.
     
    වනජීවි සංරක්ෂණ අරමුදලේ ප්‍රතිපාදන මත මිලියන 521ක් වැය වන යාල පරිපාලන හා සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර 05ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ යටතේ යාල නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා ප්‍රධාන ස්ථාන 03ක් කේන්ද්‍ර කර ගනිමින් සහ (පලටුපාන පිවිසුම, පටනංගල සංචාරක නැවතුම, පරණ තොටුපළ සංචාරක නැවතුම) අදාළ ස්ථානයන් යාවෙන පරිදි සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් සකස් කර තිබේ.
     
    ත්‍රස්තවාදී ක්‍රියා පැවැති සමය තුළ දී පරිහානියට පත් වු යාල ජාතික උද්‍යානයේ නව බුතව සංචාරක නිවාසය වනජීවී සංරක්ෂණ අරමුදලේ ප්‍රතිපාදන මත ප්‍රතිසංස්කරණය කර යාල සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උළෙලට සමගාමීව, යළිත් සංචාරකයන් සඳහා විවෘත කිරීමේ උත්සවය ද පැවැත්වීමට ද කටයුතු සුදානම් කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya