ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    "සුවසර සුව උදාන" ජංගම සෞඛ්‍ය සේවා වැඩසටහනක් බුලත්සිංහලදී

    ජූලි 07, 2015
    ග‍්‍රාමීය ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් දිවයින පුරා ක‍්‍රියාත්මක කරනු ලබන "සුවසර සුව උදාන" ජංගම සෞඛ්‍ය සේවා වැඩසටහනක් පසුගියදා බුලත්සිංහල මධ්‍ය මහා විද්‍යාල පරිශ‍්‍රයේ දී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙරිණි.
     
    මේ අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා එක්විය. මෙහිදී විශේෂඥ අක්ෂි, දන්ත ඇතුළු සර්වාංග රෝග සඳහා සායන ද වකුගඩු රෝගීන් කලින් හඳුනා ගැනීමේ විශේෂ පරීක්ෂණ, බෝනොවන රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් හා දේශීය වෛද්‍ය ආයුර්වේද ප‍්‍රතිකාර ක‍්‍රම, චීනකටු චිකිත්සා ප‍්‍රතිකාර ක‍්‍රම, රසායනාගාර සේවා සහ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ යටතේ ඇස්කණ්නාඩි ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.
     
    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා, ලංකාවේ මුළු ලෝකයටම පිළිගත හැකි සෞඛ්‍ය ක‍්‍රමයක් තියෙන්නේ. එකට හේතුව තමයි මෙම කලාපයෙන්ම මාතෘ මරණ සංඛ්‍යාව, ළදරු මරණ සංඛ්‍යාව අඩු රට අපේ රටවීමයි. 1993 වන විට පුළුවන් වෙලා තිබෙනවා, පෝලියෝ රෝගය සම්පූර්ණයෙන් මර්දනය කරන්නට. 2012 ඉදලා අද වනතුරු එකම මලේරියා රෝගියෙක්වත් වාර්තා වෙලා නැහැ. මේ අවුරුද්දේ නොවැම්බර් වනතුරු මේ තත්ත්වය පවත්වාගෙන ගියොත් අපට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක් හම්බවෙනවා මැලේරියා මර්දනය කරපු රටක් වශයෙන්. අපේ රටේ බෝවන රෝග පාලනය ඉතාමත්ම අනර්ඝයි. 
     
    ලබන වසරේ අයවැය ලේඛනයේ දී අපි වැඩියෙන්ම මුදල් වෙන් කරන්නේ පාරවල් හදන්න, ගොඩනැගිලි හදන්න නොවෙයි. වැඩියෙන්ම මුදල් වෙන් කරන්නේ සෞඛ්‍යයට හා අධ්‍යාපනයට. රටක ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නම් ඒ රටේ ජන ජීවිතය ගොඩනැගෙනවා. රටේ සංවර්ධනය, ආර්ථික වර්ධනය වැඩිවෙනවා. මිනිසුන්ගේ ඵලදායිතාව වැඩිවෙනවා. ශක්තිමත් මිනිස්සු බිහිවෙනවා. ඒ නිසා රෝගවලින් තොර රැකියා කරන්න පුළුවන්. මෙම වැඩපිළිවෙළ  අපේ මූලික පරමාර්ථයයි. 
    ඒ වගේම ලංකාවේ ප‍්‍රතිශක්තිකරණ එන්නත රටේ ජනගහනයෙන් 99%කට 100%කට ලබාදී තිබෙනවා. එන්නත හා ප‍්‍රතිශකිත්කරණයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් වෙලා තිබෙනවා. ලෝකයේ දියුණුම රටක ක‍්‍රියාත්මක එන්නත් ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළවල්වල තත්ත්වයටම අද අපේ රට අවිත් තිබෙනවා. 
     
    එක්සත් ජාතින්ගේ සංවිධානයේ සෞඛ්‍ය සැසි වාරයේදී ඔවුන් යෝජනාවක් සම්මත කරනවා ලංකාවේ සෞඛ්‍ය ක‍්‍රමය මුළු ලෝකයටම තියෙන හොඳම සෞඛ්‍ය ක‍්‍රමය කියලා. අප රටේ සෞඛ්‍ය ක‍්‍රමවේද, විශේෂයෙන්ම දියුණු රටවල්වල පවා පිළිපදින්න කියලා ඔවුන් කියනවා. එයට ප‍්‍රධාන හේතුව ලංකාවේ තිබෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවක්. එම සෞඛ්‍ය සේවා සම්පූර්ණයෙන්ම නිදහස්. ඊට අමතරව තවත් සුබසාධක වැඩපිළිවෙළ රාශියක් ක‍්‍රියාත්මක වෙනවා. අපි එක පිළිකා රෝගියෙක් සඳහා අවුරුද්දකට රුපියල් මිලියන 2 1/2ක් පමණ වියදම් කරනවා.  ඒ වගේ හැම දේකටම අපේ සෞඛ්‍ය සේවාව නොමිලේ යැයි ඔහු කීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya