ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අද අධ්‍යාපනයත් - දේශපාලනය වගේම ලොකු තරගයක් වෙලා

    ජූලි 07, 2015
    කෙනෙකුට මූලික අධ්‍යාපනය ලබාදෙන්නේ පාසලෙන් වන අතර කුසලතා මෙන්ම දක්ෂතා වර්ධනය කරන්නෙත් පාසලෙන්මයි. අද අධ්‍යාපනයත් දේශපාලනය වගේම ලොකු තරගයක් වෙලා. අද අපේ රටේ දෙමාපියන් වැඩි පිරිසක් තමන්ගේ හැම සේසතම වියදම් කරලා දරුවන් හොඳ තැනකට ගේන්න උනන්දු වන කාලයක් අද උදාවෙලා තියෙනවා. පාසල් අධ්‍යාපනයේදී පොතපත දැනුම පමණක් ලබා ගත්තොත් ඇතැයි කියා සිතන අය අපේ රටේ ඉන්නවා. නමුත් අංග සම්පූර්ණ පුරවැසියෙක් බිහිකිරීමට නම් දැනුම වගේම බාහිර ක‍්‍රියාකාරකම් ද පාසලෙන් ලබාදිය යුතු යැයි හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    අද ශ්‍රී ලංකාවේ පමණක නොව, ලෝකයේ කොහේ ගියත් දකුණේ කීර්තිමත් බෞද්ධ පාසලක් හැටියට ගාල්ල මහින්ද විදුහලට ලොකු ගෞරවයක් හිමි වෙනවා. ඒ ගාල්ල මහින්ද විදුහලෙන් එදා සිට ම ඥාණයෙන් සහ ගුණයෙන් පිරිපුන් දරුවන් බිහිකළ නිසා යැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගියදා ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් පැවසීය.
     
    රුපියල් ලක්ෂ 160ක වියදමින් ඉදිකරන ලද මේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රාජා නානායක්කාර, බන්දුල නානායක්කාර, මහින්ද විදුහලේ විදුහල්පති ගාමිණී ජයවර්ධන යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya