ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වතු ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

    ජූලි 16, 2015
    වතු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු වැඩිදියුණු කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් හා එම සෞඛ්‍ය සේවාවන් නව ක‍්‍රමවේදයකින් වතු ජනතාවට ලබාදීම අරමුණු කර ගනිමින් මේ වනවිට ක‍්‍රියාත්මක වතු සෞඛ්‍ය සේවාවේ නීතිමය රාමුව, එහි පවතින අඩුපාඩු හා ඉදිරියේ දී එම නීතිමය රාමුව තුළ සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද  (16) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. 
     
    පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු සහ වතු ක්ෂේත‍්‍රය නියෝජනය කරමින් සහභාගි වූ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මේ සාකච්ඡාව පැවත්වීය.
     
    වතු ආශ‍්‍රිතව ජීවත්වන ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් නගා සිටුවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරියට ගනු ලබන ක‍්‍රියාමාර්ගවලදී එම සෞඛ්‍ය සේවාවන් නිසි අයුරින් එම වතු ජනතාවට ලබාදීම සඳහා වතු සේවාවේ දැනට ක‍්‍රියාත්මක නීතිමය රාමුව කුමක්ද? සහ ඒ තුළ සෞඛ්‍ය සේවාවන් ලබාදීම සඳහා කටයුතු කළ යතු ආකාරය පිළිබඳව දැනුම අවබෝධය ලබාගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් වතු ක්ෂේත‍්‍රයේ නොයක් අංශ නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගි වූ නියෝජිතයින් හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු අතර අදහස් හුවමාරු කර ගැනීම මෙහි විශේෂත්වය විය.
     
    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය සේවාවේ ඉහළ දර්ශක කරා ගමන් කිරීමේ දී වතු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳව විශේෂ වශයෙන්ම අවධානය යොමු කළ යුතු බවත් එසේ නොකර ඉහළ සෞඛ්‍ය දර්ශක කරා ගමන් කළ නොහැකි බවත් පැවසීය.
     
    මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වුයේ නිදහස් සෞඛ්‍ය සේවාව ජනතාවට ලබාදීමේ දී වතු සෞඛ්‍ය පිළිබඳ දැනට ක්‍රියාත්මක නීතිමය රාමුව කුමක් ද යන්න පිළිබඳ නිසි අවබෝධයක් ඇති ව එම සේවාවන් ජනතාවට ලබාදීමයි. මෙමඟින් වැඩි ප‍්‍රතිලාභයක් ජනතාවට ලැබෙන බවත් ඔහු කීය.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පුහුණු හා පර්යේෂණ) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, වතු හා නාගරික සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පී.එම්. රත්නායක මහතා, වතු හා නාගරික සෞඛ්‍ය අංශයේ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිතර්ශනී පෙරියසාමි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya