ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    යාපනය ශික්ෂණ රෝහලේ නව හෙද නේවාසිකාගාරය ඉදිකිරීම

    ජූලි 16, 2015
    සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක උතුරු පළාතේ ප්‍රධානම රෝහල වන යාපනය ශික්ෂණ රෝහලේ නව හෙද නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා රජය පියවර ගෙන ඇත. 
     
    යාපනය ශික්ෂණ රෝහල උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් සියලු ම අංශවලින් සමන්විත රෝගී සත්කාරක සේවා පවත්වා ගෙන යනු ලබන ප්‍රධාන ම රෝහලයි. එම රෝහලේ කාර්යමණ්ඩලය 1750 දෙනෙකු වන අතර ඉන් 407 දෙනෙකු හෙද නිලධාරීන් හා නිලධාරිනියන් වෙති. ඔවුන් සඳහා ප්‍රමාණයත් තරම් නේවාසික පහසුකම් සැපයීමට නොහැකි වීම ගැටලුවක් වී තිබේ.
     
    මීට පිළියමක් ලෙස රෝහල් භූමියේ ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ලේ කොටසක් හෙද නේවාසිකාගාරයක් බවට පත් කිරීමට කටයුතු කරනු ඇත. මේ සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වී ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya