ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වව්නියාව නව වාට්ටු සංකීරණය සඳහා වෛද්‍ය උපකරණ හා ලී බඩු සැපයීම

    ජූලි 17, 2015
    වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද ඇඳන් 200කින් සමන්විත නව වාට්ටු සංකීරණය සඳහා වෛද්‍ය උපකරණ හා ලී බඩු සැපයීමට රජය තීරණය කර ඇත.
     
    මේ රෝහලේ වෛද්‍ය හා ළමා ප්‍රතිකාර ඒකක දෙක බැගින් ඇති ඇඳන් 200කින් සමන්විත නව වාට්ටු සංකීර්ණයක් ඉන්දියානු රජයේ සහයෙන් ඉදිකර ඇත. එම වාට්ටු සංකීර්ණය සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ලී බඩු ප්‍රදානයක් වශයෙන් ලබාදීමට ඉන්දීය රජය කැමැත්ත ප්‍රකාශ කර ඇත. එම භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 109.5ක් පමණ වන අතර එකී ප්‍රදානයන් ලබා ගැනීමට ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සිදු ව ඇත. මේ සම්බන්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අනුමැතිය ද හිමි වී තිබේ.
     
    වව්නියාව දිස්ත්‍රික්කයේ හා ඒ අවට දිස්ත්‍රික්කවලින් පැමිණෙන ජනතාව වෙත තෘතියික සෞඛ්‍ය සේවා සපයන ඒ ප්‍රදේශයේ පිහිටි එක ම රෝහල වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලයි. එම රෝහල උතුරු පළාත් සභාව යටතේ පාලනය වන අතර එය 2009 වසරේ සිට සංවර්ධනය කෙරෙමින් පවතී. දැනට එම රෝහලේ විකලාංග ප්‍රතිකාර ඒකකය, සීටී ස්කෑන් ඒකකය හා මුඛ, හණුක සහ මුහුණු ප්‍රතිකාර ඒකකය ආදී නව ඒකක ස්ථාපනය කර ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya