ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රටේ ආර්ථික සංවර්ධනය සඳහා සාමය පැවතීම අත්‍යවශ්‍යයි - ආරක්ෂක ලේකම්

    ජූලි 17, 2015
    ඕනෑම රටක සාමය පැවතීම එහි ආර්ථික වර්ධනයේ ප්‍රධාන සාධකය වන බවත් ඒ සඳහා එම රටෙ හි ජාතික ආරක්ෂාව ඉතා වැදගත් වන බවත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා ඊයේ (15) කොළඹ ගලධාරී හෝටලයේ පැවති ජාත්‍යන්තර ව්‍යාපාරික සමුළුවක් වන ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ පැවති රැස්වීමකදී පැවසීය.
     
    මේ වර්ෂයේ වාහන ආනයනය කරන්නන්ගේ මෙම ජාත්‍යන්තර ව්‍යාපාරික සමුළුව ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවත්නා රථවාහන සංස්කෘතිය වර්තමාන සමාජීය රුචිකත්වයට සමමුහුර්ථ කිරීම යන තේමාව පදනම් කර ගනිමින් පවත්වන ලදී.
     
    වාහන ආනයනය කරන්නන්ගේ ලංකා සංගමය ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳාම පිළිබද ප්‍රමුඛතම ආයතනය වන අතර එමඟින් වාහන ආනයනය කරන්නන්හට ලෝකයේ ඇති ඉතා නවීන හා වඩා හොඳ තත්ත්වයේ වාහන පහසු මිලට සිය සේවාදායකයන්ට සැපයීම සඳහා අවශ්‍ය අවස්ථාවන් සලසනු ඇත.
     
    මෙසේ වර්තමානයේදී ශීඝ්‍රයෙන් වැඩි වන වාහන සංඛ්‍යාව නිසා ඒවායින් නිකුත්වන විෂ සහිත වායු පරිසරයට නිකුත්වීම හේතුවෙන් පරිසරයේ ගෝලීය උෂ්ණත්වය වැඩි වී එමඟින් විවිධ පාරිසරික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බව අවධාරණය කළ ආරක්ෂක ලේකම්තුමා වර්තමානයේදී වාහන ආනයනයේදී එවැනි විෂ සහිත වායු වර්ග නිකුත් නොකරන වාහන ආනයනය කෙරේ වැඩි අවධානය යොමු කිරීම ඉතා වැදගත් කරුණක් වන බව ද මෙහිදී පවසා සිටියේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රටේ සංවර්ධන කාර්යයේදී පවා ඒ මඟින් ඇති විය හැකි පාරිසරික ප්‍රශ්න පිළිබඳ ව ඉතා තියුණු අවධානයක් යොමු කරන අතර ඒවා අවම කර ජනතාවට හිතකර හා මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තීන් අනුගමනය කරන බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා රටක සමෘද්ධිය, දේශපාලන ස්ථාවරත්වය හා එහි ජීවත්වන ජනතාවට ආර්ථික වාසි ලබාදීම සඳහා මෙවැනි යහපත් දේ තුළින් ඔවුන්ගේ සිතුවිලිවල වෙනසක් ඇති කළ යුතු බව යහ පාලනයේ මූලික විශ්වාසය වන බව ද මෙහිදී අවධාරණය කර සිටියේය.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya