ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයෙන් මහරගම පිළිකා රෝහලට නව ස්කෑන් යන්ත්‍රයක්

    ජූලි 17, 2015
    ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මඟින් මහරගම පිළිකා රෝහලේ ළමා ඒකකයේ සිටින නේවාසික රෝගින්ගේ ප්‍රතිකාරයන් සඳහා අවශ්‍ය නවීනතම එකෝ ස්කෑන් යන්ත්‍රයක් (Ultrasound Scanner) ඊයේ (16)  පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි එස්. බස්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා වෙත ප්‍රදානය කරනු ලැබීය.
     
    අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් මීට පෙර කරන ලද විමසීමකට අනුව මෙම රෝහලේ ළමා ඒකකයේ සිටින රෝගීන්ගේ ප්‍රතිකාරයන් සදහා දීර්ඝකාලීන අවශ්‍යතාවක්ව පැවති මෙම ස්කෑන් යන්ත්‍රය මඟින් රෝගීන්ගේ පෙනහළු, අක්මාව, හෘදය වස්තුව ඇතුළු අනෙකුත් ශරීර අභ්‍යන්තර අවයව ආශ්‍රිත ව එකතුවන ජලය හා අනෙකුත් රෝගී තත්ත්වයන් පිළිබඳව එසේම ශරීර අභ්‍යන්තරයේ ඇති රුධිරවාහිනී පිළිබඳව ද පැහැදිලි දත්තයන් ලබාගැනීමේ හැකියාව ඇත. එසේම අවශ්‍ය නම් මෙම ස්කෑන් යන්ත්‍රය ඇති ස්ථානයට පැමිණීමට නොහැකි අසාධ්‍ය රෝගීන් සඳහා ඔවුන් සිටින ස්ථානයට ගෙන ගොස් අවශ්‍ය පරීක්ෂණය සිදු කිරීමට හැකිවීම මෙම නව ස්කෑන් යන්ත්‍රය සතු විශේෂත්වයකි.
     
    විශේෂයෙන්ම ළමා ඒකකයේ සිටින කුඩා දරුවන්ගේ රෝගී තත්ත්වයන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා මෙම එකෝ යන්ත්‍රය ඉතා වැදගත් වන බව පැවසූ මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා මෙවන් සත්කාරයක් සිදු කිරීම සම්බන්ධයෙන් රෝහලේ සියලු ම වෛද්‍යවරුන් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයට සිය ස්තූතිය පුද කර සිටියේය.
     
    මෙම ස්කෑන් යන්ත්‍රය භාරදීමේ අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ඉන්දු රත්නායක, ලේකම්තුමිය ඇතුළු සාමාජිකාවෝ පිරිසක්ද මහරගම පිළිකා රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඇතුළු වෛද්‍යවරු ගණනාවක්ද සහභාගී වූහ.
     
    NDH/mod
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya