ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයට සියල්ල සූදානම්

    අගෝස්තු 03, 2015
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා ජන්ද දායකයින්  33,506 ක් සුදුසුකම් ලබා ඇත.  450 කට ආසන්න ඡන්ද මධ්‍යස්ථානයන්හි දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම් කර අවසන්වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
    පසුගිය 24 වැනි දින තැපැල් ඡන්ද අදාල පෙදෙස් වෙත තැපැල් කෙරීම සිදු විය.ඒ අනූව අගෝස්තු මස 03 වන දින පොලිස් ස්ථාන සහ අධ්‍යාපන කාර්යාල, පාසල් සහ කොට්ඨාශ කාර්යාලයන් හිදී මෙම තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වන අතර 05 සහ 06 යන දෙදින තුළ සෙසු රාජ්‍ය ආයතනයන් හිදී තැපැල් ඡන්ද දායකයින්ට සිය ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ. 
     
    මැතිවරණ රාජකාරී කටයුතු නිසා ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ පොලිස් නිලධාරින් හට සිය ඡන්දය නැවත අගෝස්තු 06 වන දින සිය මධ්‍යස්ථානයන්හිදී භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ. එමෙන් ම අගෝස්තු 08 වන තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ නිලධාරින් හට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිය ඡන්දය භාවිතා කිරීමට 
    අවස්ථාව හිමි වේ.
     
    ඡන්ද අපේක්ෂිත කණ්ඩායම් සාමාජිකයන්ගෙන් එක් අයෙකුට  බැගින් මෙම මධ්‍යස්ථානයන් නිරීක්ෂණය කිරීමට අවස්ථාව ඇති අතර මැතිවරණ නීරීක්ෂණ කමිටු සාමාජිකයන්ද එදින මෙම නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිතය.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya