ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබන 24 දින 2015 අය-වැය කතාව ඉදිරිපත් කිරීමට පෙර ආරක්ෂිත පියවරක් වශයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති සියලු ම මන්ත්‍රීවරුන්ගේ කාමර සහ අල්මාරි සියල්ල ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කෙරෙන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අය-වැය විවාදයේදී පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය නොසලකා හැරීමත් හදිසියේ ම ඡන්දයක් ඉල්ලා නොසිටීමට ගෙන තිබූ තීරණයත් අද (20) පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ඉවත දැමිණි.
2015 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතට (අය-වැය) අදාළ යෝජිත පාර්ලිමේන්තු වැඩසටහන ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලදී.
2015 වසරට අදාළ අය-වැය යෝජනා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබන 24 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.