ජනවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ගොවි ජනතාවට හිමි පොහොර සහනාධාරය ප්‍රමාදයකින් තොරව ලබා දෙනවා

    දෙසැම්බර් 18, 2024

    මෙතෙක්  පොහොර සහනාධාරය නොලැබූ ගොවි ජනතාවට, ඉදිරි දින කිහිපයේදී  එම මුදල් අනිවාර්යයෙන්ම ලබා දෙන බව කෘෂිකර්ම, පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

     පාර්ලිමේන්තුවේදී අද(18) මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පොහොර  සහනාධාරය සම්බන්ධයෙන් ඇති ගැටලු සියල්ල ලබන කන්නය වනවිට විසඳන බව කී  නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවි ජනතාව රජකරවන යුගයක් නියත වශයෙන්ම  උදා කරන බවද පෙන්වා දුන්නේය.

    රජය සතු ගොවිබිම් විදේශීය සමාගම්වලට ලබාදීමේ කිසිදු තීන්දුවක් ගෙන නැතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. රජය සතු ගොවි බිම් රටට අහිමිවන ආකාරයේ ක්‍රියාමාර්ග කිසි විටෙකත්  නොගන්නා බවත් , රජයේ අනුකූලතාවය යටතේ ගොවිබිම් සංවර්ධනය කිරීම සඳහා දේශීය ව්‍යවසායකයන් දායක කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද කීය.  සියලුම ගොවිබිම් සශ්‍රික කර ආදායම් ලබා ගන්නා තත්වයට පත් කර යුතු බවත්,ඒ සඳහා රජය මැදිහත්වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya