ජනවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    විමර්ශන

    එඩින්බරා විශ්ව විද්‍යාලයේ තැන්පත් කර තිබූ ශ්‍රී ලාංකික ආදීවාසීන්ට අයත් හිස්කබල් නවයක් ආදීවාසීන් වෙත නැවත භාර දීම පසුගියදා සිදු කෙරිණි.

    හෙට ( ජුනි 26 ) ඇරඹෙන බුදු පුත් සුරක්ෂා වැඩසටහන නිමිත්තෙනි.
    ලක්දිව මහණ උපසම්පදාව සහ පිරිවෙණ අධ්‍යාපනය නඟා සිටුවීම: ඉතිහාසය සහ වර්තමානය

    ගුවන්තොටුපොල මඟීන්ගේ සහ ගුවන්තොටුපොල භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා අනුගමනය කළ යුතු පියවර

    මැයි 12 දිනට යෙදී තිබූ අම්මාවරුන්ගේ දිනය වෙනුවෙනි......

     

    දරුවන් වෙනුවෙන් කැපවන අපේ මව්වරුන්.....

    “දෙවැනි බුදුන් ලෙස

    ලොවම උවම් කල

    ලොවක පිදුම් ලද

    ලොවට උතුම් ලද

    අම්මා....”

                දෙවැනි බුදුන් ලෙස අම්මාව හැදින්වූවාට වරදක් නැත.මන්දයත් දරුවාගේ ප්‍රථම ගුරුවරයා වන්නේ අම්මා නිසාය. කුස තුළ සිටින සමයේ සිටම කිරිකැටියා  ලෝකය ගැන ඉගෙන ගන්නේ තම මවගෙනි.අම්මා ලොවටම උතුම් වන්නේ ඒ නිසාමය.මවක සහ දරුවෙකු අතර ඇතිවන්නාවූ අති උතුම් සෙනෙහසේ බැදීම සාගරයක් තරමටම සුවිසල්ය.ඒ ලෙංගතු බැදීම බිදලන්නට හැකි කිසිදු ශක්තියක් මෙලොව නම් නොවන්නේය.මවක දරුවෙකුගෙන් වෙන්කිරීමට මරණයටවත් නොහැකිවන්නේ එය ආත්මගත බැදීමක් ලෙස හද පතුලේ තැන්පත් වන නිසාවෙනි.

                මව්වරුන්ගේ දිනයෙහි ඇරඹුම අතීත ග්‍රීක හා රෝම ශිෂ්ඨාචාරයන් දක්වා දිව යන්නකි.මාතෘත්වයේ සංකේතය වූ රේහා සහ සිබල් දෙවගනන්ට පුද පූජා පැවැත්වීම සදහා යොදාගත් දිනය පසුකාලීනව මව්වරුන්ගේ දිනය ලෙස බවට පත් විය.වසරේ දින 365 න් එක් දිනයක් පමණක් මව්වරුන්ගේ දිනය ලෙස සැමරීම සාධාරණදැයි අප නැවත නැවතත් සිතා බැලිය යුතුම කරුණකි.වසර ගණනාවක් පුරා තමන්ගේ ලෙය,දහඩිය,මහන්සිය කැප කරමින් දරුවන්ගේ සුභසිද්ධිය උදෙසාම කැපවන මව්වරුන් වෙනුවන් එක්දිනක් පමණක් වෙන් කර එම දිනය වෙනම සමරන හේතුව පිළිබදව අපට නැවත නැවතත් සිතා බැලිය හැකියි.

    ලොව පුරා විවිධ රටවල් මව්වරුන්ගේ දිනය විවිධ දිනවලදී සැමරීමට කටයුතු කරයි.උතුරු අර්ධ ගෝලයට අයත් රටවල් මව්වරුන්ගේ දිනය සැමරීමට අප්‍රේල් සහ මැයි මාස දෙක අතර දිනයක් යොදාගනු ලබයි.වර්තමානයේ පවතින මව්වරුන්ගේ දිනය සැමරීම ආරම්භ කෙරුණේ 1908 බටහිර වර්ජිනියාවේ ග්‍රාෆ්ටන්හි විසූ ඇනා ජාට්ස් විසින් සිය මවගේ ගුණානුස්මරණයක් පැවැත්වීමෙන් බව සදහන්ය.

    අද වන විට ඇමෙරිකාව,එංගලන්තය,ඩෙන්මාර්කය,ඉතාලිය,කැනඩාව,මෙක්සිකෝව,ජපානය,ඉන්දියාව ඇතුලු රටවල් 46 ක් මව්වරුන්ගේ දිනය සැමරීමට කටයුතු කරයි.

    මව්වරුන්ගේ දිනයෙහි නිර්මාතෘවරිය වූ ඇනා ජාට්ස් මෙනෙවිය අවිවාහක කාන්තාවකි.ඇයට කරන ගෞරවයක් ලෙස මව්වරුන්ගේ දිනයෙහි “ අම්මා” යන විරුදාවලියෙන් ඇයව පුදනු ලබයි.ඇනා ජාට්ස් පුද්ගලිකව මව්වරුන්ගේ දිනය සමරන්නට සැලසුම් කළේ සුදු කානේෂන් මලක් පැළදිමෙන් පල්ලියේ දේව මෙහෙයන්ට ගොස් එදින එහි පැමිණ සිටින මව්වරුන් සමග කාලය ගත කරන්නටය.එය මුදල් මත යැපෙන වානිජ්‍යයකරණයට ලක්වූ දිනයක් ලෙස දකින්නට ඇයට අවැසි නොවීය.නමුත් 1925 වසර වන විට මව්වරුන්ගේ දිනය ‘මාර්කට්’ වෙන්නට පටන්ගෙන තිබිණි.ඒ සුදුපැහැති කානේෂන් මල් වෙළෙදසැල්වලින් විකිණෙන්නට පටන් ගනිමින්.මව්වරුන්ගේ සුබසාධනය වෙනුවෙන් ඒ මුදල් අරමුදල් ගත වන බව වෙළෙදුන් පැවසූවා.1940 දි ඇනා ජාට්ස් මව්වරුන්ගේ දිනයෙහි අන්තර්ජාතික සමුළුව (International Mother’s Day Association) ආරම්භ කළද එහි මූලික අරමුණ වූයේ මල් වෙළෙදාම නැවැත්වීමයි.එම වසරේ මව්වරුන්ගේ දිනය ඉලක්ක කරගෙන සිදුකළ මල් වෙළෙදාම 11.45% කින් පහත වැටුණු බවත් සදහන්වී තිබුණා.මව්වරුන්ගේ දිනය මුදලට විකිණීම නැවැත්වීම සදහා ඇයට සිදුවූයේ තම දිවියේ සැදෑ සමය වෙන්කරමින් අරගල කරන්නට පමණක් නොව නඩු මගටද යොමු වන්නටය.

    සමාජයේ ලක්ෂ සංඛ්‍යාත අපේ මව්වරුන් අතින් ඉටුවන්නාවූ නිහඩ සේවය අගය කළ යුතුමය.මව්වරුන් අතින් දෛනිකව ඉටුවන සේවය කොතරම්ද කියා සිතා ගැනීමටවත් නොහැකිය.රැකියාවක් කළ හෝ නොකළද ඇය තම ගෘහය පිළිවෙලකට තබාගන්නේ කෙසේදැයි කියා නිතරම සිතන්නීය.අලුයම අවදිවන අවදිවන ඈ අතින් දරැවන්ගේ සහ සිය ස්වාමි පුරුෂයාගේ වැඩ කටයුතු සිදුවන්නේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් මෙනි.විටෙක ගේ දොර අස් පස් කිරීමේ කාර්යන්හි සිට මුදල් හම්බකිරීමේ සටනටද උර දෙන්නට ඇයට සිදුවී තිබේ.මුදල් මත පමණක් යැපෙන ලෝකය තුළ නිවෙසින් බැහැරව ගොස් අපේ මව්වරුන්ටද මුදල් හරිහම්බ කරන්නට සිදුව ඇත්තේ පවතින ආර්ථික රටාවට අනේකවාරයක් පින්සිදු වන්නටය.මව මුදල් පසුපස හඹායද්දී දරුවන්ට සිදුවන දේ ගැන පවුලට සිදුවන දේ ගැන බලන්නට තිස්තුන් කෝටියක් තියා එකදු දෙවියෙක්වත් නැත.පවුල් සංස්කෘතිය,සමාජයීය සාරධර්ම ගැන මහා ඉහළින් උදම් අනන අයවත් නැත.

    සාරධර්මවලින් පරිපූර්ණ යහපත් සමාජයක් බිහිකිරීමෙහිලා විශාල කාර්යභාර්යක් ඉටුකරන අම්මාවරුන්ගේ ගුණ වැයීම සදහා එක් දිනයක් පමණක් වෙන්කර එය එක් දිනකට පමණක් සිමාකර සැමරීම කිසිසේත්ම සාධාරණ කාර්යයක්නම් නොවන බව කිව යුතුමය.

     

    - අශානී විජේකෝන්

    මත්ද්‍රව්‍ය වෙළඳාම, මිනිසුන් වෙළඳාම සහ අවි ආයුද වෙළඳාමෙන් පසු ව ලොව හතරවන ලාභදායීතම සාපරාධී වෙළඳාම ලෙස නිති විරෝධී වනජීවී වෙළඳාම හැඳින්වෙයි. එමඟින් වසරකට ඇස්තමේන්තු ගත ඩොලර් බිලියන 7 සිට 23 දක්වා උත්පාදනය කිරීමට සමත් වේ. ඉතා පුලුල් ලෙස පැතිරී ඇති මෙම වෙළඳාම සිදුකරනු ලබන්නේ සංවිධානාත්මක ලෙස බලගැන්වූ කල්ලි මඟිනි. වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති සත්ත්ව විශේෂයන් 7000කට වඩා වැඩි ගණනක් හේතුවෙන් සමස්ත පරිසර පද්ධතියම මේ වන විට ප්‍රබල තුලනාත්මක අවධානමකට ලක් ව පවතියි.

    ''ළඟම පාසල හොඳම පාසල ''

    රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ තිබෙන සැමට සම අධ්‍යාපන සේවා ලබාදීම සහ ළඟම පාසල හොඳම පාසල සංකල්පය'- (2016- 2020)

    ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට වසර 25ක් සපිරිම නිමිත්තෙන් සංවිධානය කෙරෙන "වෙදැස 2018" වෛද්‍ය ප්‍රදර්ශනය 2018 දෙසැම්බර් 04 සිට 08 දක්වා BMICH හිදි පැවැත්වේ.

    පුත්තලම නගරයේ සිට කිලෝමීටර් 20 ක් පමණ දුරින් එළුවන්කුලම ගෙඟ්වාඩිය මාර්ගයේ මඳ දුරක් ගිය විට මෙම කසල රඳවන පිහිටා ඇත. හොලිසිම් සිමෙන්ති කර්මාන්ත ශාලාවන් හුණුගල් ලබාගැනීම සඳහා හුණු ලබාගත් වළවල් කිහිපයක් ආශ‍්‍රයෙන් ඉදිවන මෙම කසළ රඳවනය සඳහා අක්කර 200 ක පමණ ඉඩම් ප‍්‍රමාණයක් අත්පත් කර ගෙන අවසන්ය..

    තොරුතුරු දැන ගැනිමට ඇති අයිතිය සම්බන්ධයෙන් ඇති ඉතිහාසය පුරාණ ශ්‍රික හා අශෝක යුගය දක්වා ගමන් කරන බව ඒ සම්බන්ධයෙන් ලියැවු‍ණු පොතු බත්වලින් හෙළිව තිබේ. ශ්‍රික දාර්ශනිකයන් වු ඇරිස්ටෝටල් හා ප්ලෝටෝ විසින් ද නොරතුරු දැන ගැනිමට ඇති අයිතිය පිළිබඳව අවධාරණය කොට ඇත.

    2018 සැප්තැම්බර් 10 වැනි දිනට යෙදි තිබු ලෝක සියදිවි නසා ගැනීම වළක්වා ගැනිමේ දිනය වෙනුවෙන් ලංකාවේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විණි. ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි.ඒ අතර "සියදිවි නසා ගැනිම් වාර්තාකරණය පිළිබඳ මාර්ගෝපදේශන මාලාව" නමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ මඟින් මාර්ගෝපදේශන මාලාවක් පසුගිය දා එළි දැක්විණි.

    සංවර්ධනය (Development) යන සංකල්පය නූතන ලෝකයේ විවිධ සන්නිවේදන මාධ්‍යයන්හි වැඩිම වාර ගණනක් ප‍්‍රචාරණයවන  පදයක් බවට පත්ව ඇත.

    සංහිඳියාව සහ සහජීවනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම තේමාව කරගෙන පැවැත්වෙන“අහන්න” -ජාතික සංහිඳියා වැඩසටහන්වල වීඩියෝ පහතින් නරඹන්න

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරුම -2018

    මාධ්‍ය නිවේදනය

    ජාතික සමගිය, සංහිදියාව හා සහජීවනය ග්‍රාමීය මට්ටමෙන්  ප්‍රවර්ධනය සදහා ශ්‍රී ලංකා පොලීසිය හා සංහිදියා යාත්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය එක්වෙයි.

    අපේ රටේ අද දවසේ තිබෙන ආර්ථික ක්ෂේත‍්‍රයේ කරුණු සැලකිල්ලට ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම, විරැකියාව, නිෂ්පාදන ක‍්‍රියාවලියේ වර්ධනය, අපනයනය, කර්මාන්ත සංවර්ධනය ආදී කරුණු මුල් කරගත් එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා වැඩසටහන එළිදක්වන අවස්ථාවේ ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා.

    දැනට 40% සිට 220% පමණ දක්වා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ජනතාවගෙන් අය කරනු ලබන ණය පොලී අනුපාතය 30% දක්වා අඩු කිරීමේ නව නීති ගෙන එන බව කී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහත ඒ සඳහා  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බවත් කීය.

    ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික ඒකකය විසින් පුංච් බොරැල්ල - වජිරාශ්‍රමයේ දී පැවැත් වූ මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් සිංගප්පූරු ආයෝජන පිළිබඳව කරන ලද ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බවත්, නොබෝදා පාර්ලිමේන්තුව හමුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත්  කරන්නට යෙදුන සභාව කල් තැබීමේ විවාදයේ දී ඔවුන් ලද අන්ත පාරජය වසන් කරමින්, ජනතා අවධානය වෙන අතකට යොමු කිරීම සඳහා යොදා ගන්නා ලද කූට උපායක් ලෙස හැඳින්විය හැක.

    බස්නාහිර පළාතට අදාළ “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම 2018 ජූලි මස 6 වන දින (සිකුරාදා) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya