ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ (2022 අප්‍රේල් 11) උදෑසන සිදුකළ මුර සංචාරයකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝග්‍රෑම් 01ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ (NAM) රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් හමුවිය.
පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.